Mar
7

ප්‍රවීණ නිලි දිල්හානි අශෝකමාලාගේ උපන්දිනයට ඇගේ ලේලිය එක්කළ උපන්දින සුභපැතුම

 
2651 Views
   
 

සිනමා නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දෙමින් මෙරට ජනයා අතර ඉහළ ආකර්ෂණයක් හිමිකර ගත් ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි දිල්හානි අශෝකමාලා කියන්නේ. ඇත්තෙන්ම ඇයව අපට දශක ගණනාවක් පුරා ප්‍රේක්ෂක ආදරය නොමදව හිමිකර ගත්තු චරිතයක් ලෙසත් හදුන්වන්න පුලුවනි. කොහොම නමුත් මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය පිළිබඳ මෙරට ජනයා අතර විශාල කතාබහක් ඇතිව තිබෙනවා

ඒ දිල්හානි පහුගිය දිනවල සිය රංගන දායකත්වය ලබාදුන්නු ” ජංගි හොරා” කියන සිනමා චිත්‍රපටය නිසාවෙනුයි. ඉතින් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට සිය රංගන දායකත්වය ලබාදෙන ඇයට වර්තමානයේ ඉමහත් වු ජනතා ආකර්ෂණයක් හිමිව තිබෙනවා. ඇත්තෙන්ම දිල්හානි කියන මේ චරිතය ගැන කතා කරනකොට ඇය මෙරට සිනමාවේ දැවැන්ත චරිත සමඟින් එක්ව කටයුතු කළ අත්දැකීම් බහුල චරිතයක්

ඇය සනත් ගුණතිලක, විජේ කුමාරතුංග, ජීවන් කුමාරතුංග, ප්රෙඩී සිල්වා, රන්ජන් රාමනායක වැනි අති දැවැන්ත චරිත රැසකගේ පෙම්වතිය ලෙස චිත්‍රපට ගණනාවකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා. දිල්හානිගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරනවානම් ඇය මේවෙනකොට ආදරණීය බිරිඳක් වගේම ආදරණීය මවක්. ඇගේ සැමියා වෙන්නේ රටම හදුනන ජනප්රිය රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක් වන ප්රියංකර පෙරේරා මහතායි

කොහොම වෙතත් පහුගිය කාලයේ ඇගේ කඩවසම් පුතුගේ විවාහය පැවති අතර ඒ පිළිබඳ මෙරට බොහෝදෙනෙකු අවධානය යොමුකර තිබුණා වගේම කතාබහ කරන්නත් පටන්ගෙන තිබුණා. ඒ කොහොම වෙතත් දිල්හානි අශෝකමාලා මහත්මියගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් දිල්හානිගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ ලේලීය ඇයව පුදුම කිරීමටයි කටයුතු කර තිබුනේ

ඉතින් අංජුලා මනතුංග වන ඇය ඇගේ සමාජ ජාලා මාධ්‍ය ගිනුමට ආදරණීය සටහනකුත් එක්කර තිබුණා. එහිදී ඇය කියල තිබුනේ මෙහෙම කතාවක් “සුභ උපන්දිනයක් වේවා අම්මි. සතුට විනෝදය පිරුණු තවත් අවුරුද්දකට සුබපැතුම්.” යනුවෙනුයි. මේ ආකාරයට සුභපැතුම් එක් කළ දිල්හානි සිය මවගේ උපන්දිනය වෙනුවෙන් පවුලේ සාමාජිකයන් සමග එක්ව උපන්දින සාදයකුත් සංවිධානය කර තිබුණා

ඒ වගේම මේ සුන්දර අවස්ථාවේ ලබාගත් ජායාරූප පෙළකුත් සිය සමාජ ජාලා මාධ්‍ය ගිනුම්වලට එක්කිරීමටයි ඔවුන් කටයුතු කර තිබුනේ. ඉතින් මේ විදිහට උපන්දිනය සමරන ප්‍රවීණ නිළි දිල්හානි ඒකනායක මහත්මියට අපිත් සුභපැතුම් එකතු කරන ගමන්ම ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සාර්ථක කරගැනීමට ඇයට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්