May
23

පෙට්‍රල් පෝලිම බිලිගත් දින දෙකක් වයසැති බිළිඳිය – (PHOTOS)

 
1254 Views
   
 

ඉන්ධන හිඟය හේතුවෙන් රෝහල් ගත කිරීම සඳහා ප්‍රමාද වී දින දෙකක් වයසැති බිළිඳියක් ජීවිතක්ෂයට පත් වී ඇත.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හල්දුම්මුල්ල සොරගුණේ රඳෙකඳුර ප්‍රදේශයේ පදිංචි බිළිඳියකි.

පසුගිය 21 වෙනිදා රාත්‍රී 8.00ට පමණ ශරීරය කහ ගැන්වී ගැහෙන්නට පටන් ගැනීම හේතුවෙන් රෝහල් ගත කිරීමට ඉන්ධන නොමැති වීම නිසා ත්‍රිරෝද රථයක් සොයා ගත නොහැකි වීමෙන් තම දියණිය ජීවිතක්ෂයට පත්වූ බව මරණ පරීක්ෂණයේදී පියා සාක්ෂි දෙමින් පැවසූ බව හදිසි මරණ පරීක්ෂක ජී.එම් දිසානායක මහතා පැවැසීය.

බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ශානක පතිරණ මහතා විසින් සිදු කර තිබේ.

එම දරුවා හල්දුම්මුල්ල රෝහල දියතලාව රෝහලට මාරු කර තිබේ.

දරුවා ප්‍රමාද නොවී රෝහල්ගත කළා නම් ජීවිතය බේරා ගැනීමට හැකියාව තිබූ බව වෛද්‍ය නිලධාරියා එහිදී සඳහන් කර ඇත.

හදිසි මරණ පරීක්ෂක ජී.එම් දිසානායක මහතා මෙම මරණය පිළිබඳව විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබුණි.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්