Feb
21

” මට අදටත් අමතක කරන්න බැරි සිදුවීම් අතරින් ඉහලින්ම තියෙන සිදුවීම තමයි දසුන් අයියාගේ වියෝව” කඩවසම් නළු සංගීත් ප්‍රභූ

 
4173 Views
   
 

වර්තමානයේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් හැමෝම වගේ හදුනන ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙකු තමයි සංගීත් ප්‍රභූ කියල කියන්නේ. ඇත්තෙන්ම ඔහුට මේවෙද්දී හිමිව තිබෙනුයේ ඉහළ ජනතා ආකර්ෂණයකි. ඊට හේතුව වෙන්නේ ඔහු මේ දිනවල සිය රංගන දායකත්වය ලබාදෙන නාඩ්ගම්කාරයෝ ටෙලි නාට්‍යයේ කවඩියාගේ චරිතයයි. කොහොම නමුත් ඔහු සිය රංගන දායකත්වය ලබාදෙන කවඩියාගේ චරිතයට මනාව සාධාරණයක් ඉටුකරන බව නොරහසක්. කෙසේවෙතත් අද අපි කතා කරන්න යන්නේ මේ කඩවසම් රංගන ශිල්පියා සමගිනුයි

ඇත්තටම සංගීත් කියන්නේ මේවෙද්දී අපේ කලා ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන රංගන ශිල්පියෙක්. ඉතින් ඔබ නොහිතපු විදියට ඔබව කලාවෙන් ප්‍රතික්ෂේප උනොත් ?

මේ ලෝකෙ පවතින කිසිම දෙයක් ස්ථිර දේවල් කියලා මම හිතන්නේ නෑ. හැබැයි කලාවෙ මාව ප්‍රතික්ෂේප වෙන්න තරම් මම වැරැද්දක් කරලත් නැහැ. මට ලැබෙන නැත්නම් මම බාර ගන්න චරිතයට උපරිම සාධාරණත්වය කරන කෙනෙක් තමයි මම. කවද හරි මාව කලාවෙන් ප්‍රතික්ෂේප වුනොත් මම පාඩුවේ මගේ රැකියාවක් කරගෙන ජීවිතේ ඉස්සරහට යනවා

ඔබට කවදාහරි දවසක නොකරපු වරදකට දඬුවම් විඳින්න වුනොත් ?

ඔහොම දේවල් ජීවිතයේ මට අනන්තවත් වෙලා තියෙනවා. සමහර අවස්ථාවලදී සමහරු මට චෝදනා කරලා තියෙනවා ඔයා මෙහෙම කිව්වා කියලා. මම කවදාවත් වැරැදි කරලා නෑ. හැබැයි මට චෝදනා ලැබිලා තියෙනවා. ඒක වෙනම හැඟීමක් දැනෙන දෙයක්. හැබැයි මම ඒ වෙලාවට කරන්නේ නිහඬව බලාගෙන ඉන්න එක. මොකද කවදා හරි ඇත්ත සමාජගත වෙනවා

කොහොම නමුත් සංගීත් කියන්නේ මේවෙනකොට ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න චරිතයක්. ඉතින් ඔබත් දේශපාලනයට එන්න ආසාවෙන් ඉන්නවා ද ?

කවදාවත් මම නම් දේශපාලනයට ආරාධනා ලැබුණත් යන්නේ නැහැ. මොකද දේශපාලනය ගැන මම ලොකුවට දන්න කෙනෙක් නෙවෙයි. නොදන්න දේවල් කරල අමාරුවෙ වැටෙන්න ඕන නැහැනේ. ඒ නිසා දන්න දේවල් කරගෙන පාඩුවේ ඉන්නවා. මම හිතන්නේ ඒක තමයි හොඳම දේ

අපි හැමෝටම ජීවිතයේ අමතක කරන්න බැරි දවසක් තිබෙනවා. ඉතින් ඔබට ජීවිතයේ අමතක අමතක කරන්න බැරිම දවස මොකක්ද ?

මට ජීවිතේ අමතක කරන්න බැරි එක අමතක කරන්න බැරි එක දවසක් තියෙනවා. ඒ මගේ සහෝදරයා වගේ හිටපු මගේ යාළුවා වගේ හිටපු මාත් එක්ක එක කාමරේ හිටපු දසුන්ගේ වියෝව. දසුන් අයියා මට ජීවිතේ ගොඩක් දේවල් කියලා දුන්නා. ඇත්තටම මට පුලුවන්නම් දසුන් අයියාගේ වියෝව අමතක කරන්න මම ඒක කරනවා. මොකද අදටත් මට අමතක කරන්න බැරි සිදුවීම් අතරින් ඉහලින්ම තියෙන සිදුවීම තමයි දසුන් අයියාගේ වියෝව

ඔබ කලාවට අමතරව වෙනත් රැකියාවකුත් කරනවාද නැතිනම් ඔබ වෘත්තීමය වශයෙන් රංගන ශිල්පියෙක්ද ?

රංගනයට අමතරව මම මේ විට රූපලාවණ්‍ය ශිල්පියෙක් විදිහට ඉගෙන ඉගෙන ගනිමින් ඉන්නවා. රූපලාවණ්‍යයේදි අත්‍යවශ්‍ය කරුණු ගැන මම ඉගෙන ගන්න කාලෙ තමයි මේ. ඉතින් මේ ක්ෂේත්‍රයෙත් වැඩ කරන්න මම බලාපොරොත්තු වෙනවා. සංගීත් අවසන් වරට අපලට අප හා කියා සිටියේ ඔහු කිසිම දිනෙක මෙරට හැරදා නොයන රංගන ශිල්පියෙක් බවයි. එයට හේතුව ඔහුගේ කුඩා කල සිට හීනය වුණේ රංගන ශිල්පියෙකු වීම නිසා බවයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්