Jan
19

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා

 
1078 Views
   
Job-Opportunities-in-Japan-for-Sri-Lankan-Youth  

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා වන වෙබ් අඩවිය එළිදක්වා තිබේ.

ඒ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධවෙමිනි.

විශේෂ කුසලතා ඇති (Specified Skilled Worker (SSW)) තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා අවශ්‍ය වන විභාග ශ්‍රී ලංකාවට ලබාගැනීම මෑතදී සිදුවිය.

ඒ අනුව 2022 ජනවාරි සිට එම විභාග පැවැත්වෙයි.

එම විභාගවලට පෙනීසිටීමට අවශ්‍ය උපදෙස් හා තොරතුරු මෙම වෙබ් පිටුව මගින් ලබාගැනීමට හැකියාව පවතී.

ඒ අනුව විශේෂ කුසලතා සහිත තරුණ තරුණියන්ට ජපානයේ වසර 5ක කාලයකට රැකියා සඳහා අවසර හිමිවෙනු ඇත.

ඒ අනුව ආරම්භක පියවර යටතේ, ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් යටතේ රැකියා අවස්ථා ලබාගැනීමට හැකියාව පවතී.

ඒ සාත්තු සේවය හා ආහාර පිළිගැන්වීමේ සේවා යන ක්ෂේත්‍ර දෙකට අදාළ විභාග තොරතුරු, අයදුම්පත හා උපදෙස් මෙම වෙබ් අඩවිය මගින් ලබාගත හැකිය.

කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස, SSW ජපන් (SSW Japan) මෙනුවට පිවිසීම මගින් ජපන් රැකියා තොරතුරු ලබාගැනීමට හැකිවෙයි.
ජපානයේ සාත්තු සේවා හා ආහාර පිළිගැන්වීමේ සේවා රැකියා සඳහා ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JFT) සමත්වීම අනිවාර්ය වන අතර, කුසලතා පරීක්ෂණයද සමත්වීම අවශ්‍ය වෙයි.

මේ සම්බන්ධ අවශ්‍ය සියලුම තොරතුරු මෙම වෙබ් අඩවිය මගින් ලබාගත හැකිය.

පසුගිය වසර තුනක කාලය තුළ ජපානයේ රැකියා සඳහා පුද්ගලයින් 3,440 දෙනෙකු පිටව ගොස් තිබේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්