Jun
24

ආ සාදිතයින් වැඩි වුවහොත් සංචරණ සීමා යළිත් දැඩි වෙයි – වෛද්‍ය අසේල ගුණවර්ධන

 
1496 Views
   
 

වාර්තාවන කොවිඩ් රොගීන්ගේ වර්ධනයක් සිදු වුවහොත් ඉදිරියේදී දැඩි සංචරණ සීමාවන්ට යෑමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ඇතැම් පිරිස් සෞඛ්‍ය පුරුදු අමතක කරමින් සිටින බවය.

“දැනටත් දෛනිකව රෝගීන් 2,000ක් 2,200කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඒ නිසා සංචරණ සීමා දැඩි ලෙස පිළිපදින්න ඕනේ. අපි පහුගිය දවස් දෙක තුනේ දැක්කා ජනතාව මේ සෞඛ්‍ය පුරුදුවලට අනුගත නො වී කටයුතු කරන බවක්. එහෙම වුනොත් ආපහු සැරයක් රෝගීන් වැඩි වුනොත් දැඩි සංචරණ සීමාවලට යන්න සිද්ධ වෙනවා.”

මින් ඉදිරියට සංචරණ සීමා පැනවෙන ආකාරය සම්බන්ධයෙන් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැහැදිලි කිරීමක් සිදු කළේය. සංචරණ සීමාවල ප්‍රතිඵල මේ වනවිට විශ්ලේෂණය කරමින් පවතින බවද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

“අද දිනයේ පවතින සංචරණ සීමාවන් හෙට පාන්දර 4ට ඉවත් කරන්න තමයි දැනට බලාපොරොත්තුව. ඉන් පසුව බස්නාහිර පළාතටත් අනෙකුත් පළාත් තුළත් මින් ඉදිරියට ක්‍රියාත්මක වුණු අයුරින් එම සංචරණ සීමාවන් ජුලි මස 05වනදා දක්වා ක්‍රියාත්මක වනවා ඇති.”

“සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන්නන්ට දඩ මුදල වැඩි කරලා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. නමුත් ඊට වැඩිය අවශ්‍ය වන්නේ ජනතාව විසින් මෙම තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කිරීමයි. ඒකෙන් මේ රෝගය පාලනය කරගන්න මීට වැඩිය ඉක්මණින් පුළුවන් වෙනවා.”

“ඩෙල්ටා ප්‍රභේදය සොයාගත් ආරාමය ප්‍රදේශයේ 05 දෙනාට අමතරව මේ වනතෙක් වෙනත් ආසාදිතයින් අපිට හමුවෙලා නෑ. ඒ ආශ්‍රිත සියලුම නිවෙස්වල පුද්ගලයින් අවට ප්‍රදේශවල පිරිස් අපි අහඹු PCR පරීක්ෂණ සඳහා යොමු කළා. මාදිවෙල ප්‍රදේශයේත් එක නිවසක පමණයි. ඒකත් තාම සැකකටයුතු තත්ත්වයක තියෙන්නේ.”

“ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් ජනතාවට ෆයිසර් එන්නත දෙවන මාත්‍රාව ලෙස ලබාදිය හැකිද යන්න පිළිබඳව සාකච්ඡා කළා. ඉදිරියේ දී එන්නත් පිළිබඳ විද්වත් කමිටුව රැස්වෙනවා. එහිදී ඔවුන්ගේ නිර්දේශ ලබාදෙයි. ඉන්පසු අපිට තීරණයක් ගන්න පුළුවන්.”

ඉදිරියේදී ලැබෙන එන්නත්වලින් ආයෝජන කලාපවලට එන්නත් ලබාදීමට ලබාපොරොත්තු වන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. මේ වනවිට PCR 18,000ත් 20,000ත් අතර ප්‍රමාණයක් දෛනිකව සිදුවෙන බවත් ඇන්ටිජන් පරීක්ෂණ ද සිදුකරන බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්