Aug
3

ෆේස් බුක් මිතුරියගේ ඇරයුමට ගෙදරට ආ තරුණිය, කාටත් හො රා දුන්න අමුතුම ගේම් එකට ගෙදර අයට තරු පෙනිලා

 
1337 Views
   
 

රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා රන් මාලයක් සො ර ක ම් කළ තරුණියක් සීදූව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

සීදූව, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක් මීට මාස කිහිපයකට ඉහත සැ ක කා ර තරුණිය මුහුණු පොත ඔස්සේ හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. අ න තුරුව ඇයට සිය නිවසට පැමිණෙන ලෙස 23 හැවිරිදි තරුණිය ආරාධනා කර ඇති අතර එම ආරාධනයට අනුව පසුගිය ජනවාරි මාසයේදී සැකකාර තරුණිය අදාළ නිවසට ගොස් තිබෙනවා.

එහිදී නිවසේ තිබූ රන් අත් පළඳනාවක් සොරාගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ඉන් අනතුරුව යළි පෙරේදා (31) දිනයේ සැ ක කා රිය සිය මිතුරියගේ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාවේදී ඇය විසින් රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා රන් මාලය සොරාගෙන ගොස් ඇති බවට හෙළිව තිබෙනවා.

අ න තු රුව නිවැසියන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අත් අඩංගුවට ගත් 24 හැවිරිදි සැ ක කාර තරුණිය අද (02) දිනයේදී මීගමුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්