Feb
12

ජනප්‍රිය ගායක අජිත් මුතුකුමාරණගේ නීත්‍යානුකූල බිරිඳ හෙලිකල කතාව

 
1685 Views
   
 

මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයේ ඉහළටම ගියපු දක්ෂ ගායන ශිල්පියෙකු තමයි අජිත් මුතුකුමාරණ කියල කියන්නේ. කොහොම නමුත් මෙරට සංගීත ඉතිහාසයේ ආදායම් වාර්තා තැබූ “සුදු අරලියා මල” ගීතයෙන් රටක් හදුනාගත් ඔහුව මේවෙනකොට ලංකාවේ නොදන්න කෙනෙකු නැති තරම්. ඇත්තෙන්ම ප්‍රසංග වේදිකාවේ ‘ලීඩ් ගිටාරයෙන්’ වැඩ පෙන්වපු ඔහු ‘සකුරා රේන්ජ්’ සංගීත කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කරනු ලබනවා

කොහොමහරි ඉතින් පසුගිය දිනවල අජිත්ගේ දෙවැනි විවාහය පිළිබඳ සමාජයේ විශාල කතාබහක් ඇතිව තිබුණා. එලෙස තමන්ට එල්ලවෙන චෝදනාවන්ට ලයිව් වීඩියෝවක් එකතු කරමින් ඔහු තමන්ට එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබාදීමටයි කටයුතු කර සිටියේ. මේ අතර අජිත් මුතුකුමාරණගේ නීත්‍යානූකූල බිරිය විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක් කිරීමටයි කටයුතු කර සිටියේ

ඇය එහිදී සිය සමාජ මාධ්‍ය ගිනුමට එක්කර තිබුනු සටහන මෙසේයි

” දන්නා නොදන්නා සෑම දෙනෙක්ටම අමතන්නට සිතුවෙමි. මම මගේ පෞද්ගලික ජීවිතය ගැන මුහුණුපොතේ කිසිවිටෙකත් කතාබහ කිරීමට කැමති නොවන අතර මෙය පළමු සහ අවසාන කතාබහ විය යුතු බවට මම සිතමි. මම කලාකරුවකුගේ නීත්‍යානුකූල බිරිඳක් වන අතර තවමත් මම ඔහුගේ නීත්‍යානුකූල බිරිඳම පමණකි. පවුල් අතර සිදුවන යම්කිසි විරසක වීමක් මත අප දෙපසකට වූ නමුත් එය මට ඔහුට හෝ අපගේ දරුවන් දෙදෙනාට ගැටළුවක් නොවේ නම් ඒ පිළිබඳ ඔබ අතිශය කණගාටු විය යුතු නැත ” කියලයි

ඒ විතරක් නොවෙයි එලෙස සටහන් කළ ඇය තවදුරටත් සදහන් කර තිබුනේ ” අපි අපගේ ජීවිත ගැන උපරිම තෘප්තිමත්ය. වසර විසි ගණනක විවාහ ජීවිතය තුළ මම අදටත් රැකියාවක නිරත නොවන අතර මගේ සැමියා විසින් අපගේ සියළු අවශ්‍යතා සහ වුවමනා සපුරාලනු ලබයි.

මම මගේ මානසික තෘප්තිය වෙනුවෙන් මගේ මුහුණුපොත භාවිතා කරන අතර එහි ඕනෑම දෙයක් පළකිරීමට මට නිදහස් අයිතියක් ඇත. එහි සෑම දෙයකටම මගේ පෞද්ගලික ජීවිතය ඈඳා අදහස් දැක්වීමට තරම් පහත් පිරිසක් සිටින බව ඔබටද නොරහසක් වනු ඇත….
පාරකදී දැක්කත් දුරකථන ඇමතුමක් ලබාගත්තත් මගේ සැප දුක කෙසේද විමසනවාට වඩා මගේ පවුල් ජීවිතයේ අලුත්ම වාතාවරණය ඔබ විමසන්නේ ඇයිදැයි මම නොදනිමි” යනුවෙනුයි

ඉතින් මේ විදිහට අදහස් දක්වපු අජිත් මුතුකුමාරණ මහතාගේ නීත්‍යානුකූල බිරිඳ අවසාන වශයෙන් සටහනට එක්කර තිබුනේ මෙවැන්නක්. ” ඔවුන්ගේ පවුල් ජීවිතවල ඇත්තේ අපිට හිතාගන්නවත් බැරි තරම් ප්‍රශ්නය. වැඩියමක් කීමට ඇති මුත් මට කිව යුතු සරලම දෙය නම් මගේ පවුල් ජීවිතය ,සැමියා සහ දරුවන් මගේය. එයට මට ඔබගේ අදහස් යෝජනා චෝදනා කිසිවක් අවශ්‍ය වන්නේ නැත

ඔහු මගේ සහෝදරයෙක්වත් තාත්තාගේ පැත්තෙන්වත් අම්මාගේ පැත්තෙන්වත් නෑයෙක්ද නොවේ. මගේ දරුවන්ගේ නීත්‍යානුකූල පියා සහ මගේ නීත්‍යානුකූල සැමියාය. තව වැඩිදුර විමසීමට යමක් වේ නම් මම ඔහුගෙන්ම විමසන ලෙසට ඉල්ලා සිටිමි. ඔහුගේ දුරකථන අංකය අවශ්‍ය නම් ලබාදීමටද කැමැත්තෙමි.” කියලයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්