
කළුතර ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 8:00 සිට හෙට අලුයම 2:00 දක්වා පැය 18 ක්, ජල සැපයුම අ ත් හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනූව බේරුවල, අලුත්ගම, දර්ගා නගරය, බේන්තර සහ පායගල ප්‍රදේශ වලට, අදාළ කාල සීමාව තුළ ජල සැපයුම අ ත් හිටුවනු ඇති. අලුත්ගම, මතුගම – අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය අලුත්වැඩියාවක්, ඊට හේතුවයි.