Jun
13

නිරෝධායන රීති කැඩූ වැඩිම පිරිස ඊයේ අත්අඩංගුවට (වීඩියෝ)

 
1334 Views
   
 

නිරෝධායන රීති කඩකිරීමේ චෝදනාව මත ගතවූ පැය 24ක කාලය තුළ පොලීසිය විසින් සැකකරුවන් 1,353 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිරෝධායන රීති ක්‍රියාත්මකවීම ආරම්භ වූ පසුගිය 2020 වසරේ මාර්තු මස 20 වනදායින් පසු එක් දිනක් තුළදී අත්අඩංගුවට ගත් වැඩිම පිරිස මෙය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 31,395ක්.

මේ අතර පළාත් මායිම් සීමා උල්ලංඝනය කිරීමට පැමිණි පිරිසක් ඊයේ දිනයේද යළි හරහා යැවීමට කටයුතු කර තිබූ බව සඳහන්.

බස්නාහිර පළාත තුළ ඊයේ (12) දිනයේදී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

උදෑසන 10 සිට 12 දක්වාත් සවස 3 සිට 5 දක්වාත් කාලය තුළ එම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර එහිදී පුද්ගලයින් 11,723ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ඉන් නිරොධායන රීති දැඩිව උල්ලංඝනය කරමින් කටයුතු කළ 354ක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එහිදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 75ක්.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්