Feb
23

නන්දිපාල ගුරුන්නාස්සේ ලෙසින් රටම හදුනාගත් ජයන්ත මුතුතන්ත්‍රී සිය බිරිද සහ දරුවන් සමගින් ගෙවන සුන්දර ජීවිතේ

 
2967 Views
   
 

මෙරට ජනප්‍රියත්වයට පත් ටෙලි නාට්‍ය නිර්මාණ අතරින් ලාංකිකයන් හැමෝගෙම ආදරය හිමිකර ගත් ටෙලි නාට්‍යය නිර්මාණයක් තමයි ” සිදු ” කියල කියන්නේ. ඇත්තෙන්ම මෙම ටෙලි නිර්මාණයට මෙරට රංගන ක්ෂේත්‍රය තුළ ඉන්න ප්‍රවීණ මෙන්ම නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දුන්නා. ඉතින් අද අපි කතා කරන්න යන්නෙත් මෙම ටෙලිකතා මාලාවේ නන්දිපාල ගුරුන්නාස්සේ කියන චරිතය ගැනයි. ඇත්තෙන්ම වසර ගණනාවක් තිස්සෙම විකාශය වුනු මේ ටෙලිනාට්‍යයේ නන්දිපාල කියන චරිතයට ලාංකිකයන් රැසක් ආදරය කරනු ලැබුවා

කොහොමහරි ඉතින් නන්දිපාල කියන චරිතය තුළින් ජනප්‍රියත්වයට පත් ඔහුගේ ඇත්ත නම තමයි ජයන්ත මුතුතන්ත්‍රී. ඔහු වේදිකා නාට්‍ය වල ඉඳලා ටෙලිනාට්‍ය සහ සිනමා නිර්මාණ දක්වාම තව දක්ෂතාවයෙන් පැමිණි චරිතයක්. ඒ විතරක් නොවෙයි වසර ගණනාවක් සිදු ටෙලිනාට්‍යයේ නන්දිපාල විදියට රටම හඳුනාගත් ඔහු ඉදිරියේදී තවත් අලුත් නිර්මාණ කිහිපයකින්ම දැකගන්න ලැබේවි කියලයි ඔහු කියන්නේ

කොහොම නමුත් වේදිකා නාට්‍ය තුළින් කලාවට සම්බන්ධවෙන ඔහු වසර ගණනාවක් පුරාවට ලබාගත් දැනුමත් සමග ක්ෂේත්‍රයේ දිගු ගමනක් ඇවිල්ල තිබෙනවා කිව්වොත් නිවැරදියි. ඒ වගේම අත්දැකීම් සහ ප්‍රවීණයන්ගෙන් ලැබුණු දැනුමත් එක්ක තමයි ක්ෂේත්‍රයේ ඉදිරියට පැමිණෙන්නේ කියලයි ඔහුනම් කියන්නේ. ඉතින් ඒ දේවල් කළා ක්ෂේත්‍රය තුල ඉදිරියට යන්න ලොකු ශක්තියක් වුනා කියන ඔහු කියන්නේ වර්තමාන තරුණ පරම්පරාව ගත්තම වේදිකා නාට්‍ය සම්බන්ද වෙන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ කියලයි

ඒ විතරක් නොවෙයි හැමදෙයක්ම අලුත් වෙද්දී මිනිස්සුත් අලුත් දේවල් වලට හුරුවෙලා ඉන්න නිසා හැමදෙයක්ම වෙනස් වෙලා කියන ඔහු කියන්නේ රංගනය කියන්නේ ලෙහෙසියෙන් පහසුවෙන් ඉගනගන්න හැකි දෙයක් නෙවෙයි කියලයි. ඒ වගේම වේදිකා නාට්‍ය තුලින්ම සම්මාන රැසක්ම දිනාගෙන තිබෙනවා කියලත් ඔහු පවසනවා. ඒ වගේම ඒ මහතා වර්තමානය වෙද්දී ටෙලිනාට්‍ය සහ සිනමාවටත් ගොඩක් ලොකු දායකත්වයක් ලබාදීලා තියනවා කියලයි කියන්නේ

ඉතින් මේ විදිහට අදහස් දක්වපු ඔහු අවසාන වශයෙන් කියන්නේ අධ්‍යක්ෂක වරයා කවුරු වුනත් ලැබෙන පිටපත සහ නිර්මාණය චරිතය වගේ දේවල් වලින් තමයි හැමදෙයක්ම තීරයන වෙන්නේ කියලයි. කොහොම නමුත් නන්දිපාල ගුරුන්නාස්සේ ලෙසින් රටම හදුනාගත් ජයන්ත මේවෙද්දී සැබෑ ජිවිතේ ඔහු ආදරණිය සැමියෙක් වගේම තාත්තා කෙනෙක්ද වෙනවා. ඉතින් ඔහු මේවෙනකොට සිය දරුවන් සහ බිරිඳ සමගින් සතුටින් සහ සමගියෙන් සුන්දර ජීවිතයක් ගතකරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්