Dec
22

කුණු ගඳ පිරුණ බේරේ වැවට නව එළියක් දුන් පාවෙන තෙත් බිම්

 
1057 Views
   
 

අපේ රටේ නූතන නගර සංවර්ධනයේ සහ අලංකරණයේ පියා කවුද කියල ඇහුවොත් උත්තරය වෙන්නෙ එවක ආරක්ෂක ලේකම් වගේම වත්මන් ජනපති ගෝටාභය රාජපක්ෂ කියල තමා. අපි හිතන්නෙ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඒ උත්තරය හැම කටකින්ම එලියට එයි කියල.

විශේෂයෙන් යුද ජයග්රහණයෙන් පස්සෙ හමුදාවත් එකතු කරගෙන ගෝටාභය කියන චරිතය නගර සංවර්ධනය සහ අලංකරණය වෙනුවෙන් කරපු උත්සහයෙ උපරිම ප්රථිපල අද අපිට ඇස් පනාපිටම දකින්නට තියෙනව. ඒත් ඔය උපන් ගෙයි කුහකයො අහයි ලස්සණ කන්නද කියල. අපි ඔය කුහකයන්ගෙ හිත්වල තියෙන කුහක අදහස් ගැන කිසිම තැකීමක් කරන්න ඕනෙම නෑ කියන එක තමා අපේ නම් අදහස.

කුණු පිරුණ බේරේ වැව හැඩ වැඩ වෙලා එනව කියන පුවතක් අපිට වාර්තා වෙනව. ඒ වගේම බේරේ වැව පවිත්රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැඳවූ පැළ සහිත “පාවෙන තෙත් බිම්” දහසක් වැව මධ්යයට මුදා හැරීම ඊයේ (21) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදු කෙරුණ කියල ඒ වාර්තාවෙ වැඩිදුරටත් කියනව. මෙන්න ඒ ලස්සණ වැඩේ තොරතුරු අවිධිමත් නාගරීකරණය, කොළඹ නගරය තුළ පිහිටි අපජලවාහිනී පද්ධති නිසි ලෙස යාවත්කාලීන නොවීම හේතුවෙන් බේරේ වැව අපවිත්ර වී තිබෙන නිසා එහි ජලය පවිත්ර කිරීමේ අරමුණින් ශ්රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්.ඩී. සොයිසා මහතාගේ උපදෙස් පරිදි පාවෙන තෙත් බිම් වැඩසටහන අත්හදා බැලිණ.

පීවීසී බට, උණ බට, ෆෝම් මෙට්ට පාවෙන ආධාරක ලෙස යොදාගනිමින් කැනාස්, සැවැන්දරා සහ හෙලිකෝනියා වැනි ශාක රෝපණයෙන් ජල පවිත්රකරණය සඳහා කළ පරීක්ෂණය සාර්ථක ප්රතිඵල අත්කරගෙන ඇතැයි පරිසර විද්යාඥ රනෝෂි සිරිපාල මහත්මිය පෙන්වා දෙයි.

පාවෙන තෙත් බිම්වල අන්තර්ගත ශාක මගින් ජලයේ වැඩිපුර ඇති පෝෂක උරාගැනීම සිදු වේ. එමගින් ජලයේ ඇති ඇල්ගී ප්රමාණය අඩු වී ජලය පවිත්ර වීම, දුර්ගන්ධය පහව යාම, ජලය මත යැපෙන ජීවින් සඳහා වාසස්ථාන සැපයෙමින් පාරිසරික සමබරතාවයක් පවත්වාගෙන යාම සිදු වේ.

ජලය මතුපිට අලංකරණය ඉන් ලැබෙන තවත් ප්රතිලාභයකි. මැසි මඳුරු උවදුර හේතුවෙන් ඇතිවන ලෙඩ රෝග පාලනය සඳහා වක්ර මෙහෙවරක් මෙමගින් අපේක්ෂා කරන අතර අදාළ ජල ප්රදේශය තුළ මත්ස්ය ඝණත්වය ඉහළ නැංවීම වැනි ප්රතිලාභ රැසක් ඉතා සුළු පිරිවැයකින් ළඟා කර ගත හැකි බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති එම්.ආර්.ඩබ්.ඩී. සොයිසා මහතා පෙන්වා දෙයි. රාජ්ය අමාත්ය මොහාන් පී. ද සිල්වා, කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිනි දිසානායක, ශ්රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සාමාන්යාධිකාරී ශ්රීමති සේනාධීර, ව්යාපෘති අධ්යක්ෂ ආචාර්ය එන්.එස්. විජේරත්න යන මහත්ම මහත්මීහු සහ ඉඩම් සංවර්ධන සංස්ථාවේ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිනා ලදි. 

කොරෝනා අස්සෙත් මොන ලස්සණක්ද කියල කෙනෙක් අහන්න පුළුවන්. කොරෝනා නෙමේ ඊටත් වඩා භයානක වසංගතයක් ආවත් මේවගේ ලස්සණ වැඩ පිලිවෙලවල් නොනවත්වාම ඉස්සරහට යන්න ඕනෙ කියන එක තමා අපේ නම් හැමදාම අදහස වුණේ. අපි ගෙදරක් සුළුවෙන් හරි ලස්සණ කරන්නෙ ඒකෙන් අපේ මානසික සතුට උපරිමෙන් ලැබෙන නිසා. රට ලස්සණ කිරීම රජ කාලෙ ඉදලම එන වැදගත් සම්ප්රදායක් කියල ඉතිහාසය හොයල බැලුවොත් අපි හැමෝටම අවබෝධ වෙයි.

කොහෙද ඉතින් ඉතිහාසය කන්නද කියල අහපු නායකයොත් අපේ රටේ හිටිය කියල පි කවදාවත්ම අමතක කරන නරකයි. ඕනම දෙයක් පටන් ගන්න කොට උපන් ගෙයි කුහකයො හැසිරෙන්නෙ මෙන්න මේ විදියට ඉස්සෙල්ලම ඒ වැඩේ විවේචනය කරනව. ඒ වැඩේ නැති වැරදිත් උලුප්පල කියනව වගේම ඒ වැඩේ පරමාර්ථය ගැන බොරු මත සමාජය තුලට මුදා හරිනව. මේ වැඩේට අපේ ලංකාවෙ අද ඉන්න උපන් ගෙයි දක්ෂයො තමා අපේ රතු සහෝදරවරු. එක අතකට දැන් ඒගොල්ලො රතුත් නෙමේ. 

අපිට මතකයි හයිවේ හදනකොටත් කිව්ව දේවල්. හයිවේ කන්නද කියල ඇහුව. ඕක හදන්නෙ ඇඹුල් තියල් වගේම මීකිරි ගෙනියන්න කියලත් කිව්ව. ඒ කියලත් වැඩේ නතර වෙන්නෙ නැත්නම් “හොරා හොරා” කියල වැඩේ කරන කෙනාට ලේබල් ගහනව. අත කරකවල කට උල් කරල ඔය වැවේ කරන්න දක්ෂයො ඉන්නෙ ජවිපෙ කියල ඒගොල්ලන්ගෙ ඉතිහාසය අරන් බැළුවොත් අපිට හොදටම අවබෝධ කරගන්න පුළුවන්. අනේ ඉතින් ඒව කරලත් කියලත් වැඩේ නතර වෙන්නෙ නැත්නම් කටයි අනිත් එකයි වහගෙන මොක්කුද වගේ පැත්තකට වෙනව. 

ඔය හයිවේ හදනකොට උනෙත් ඕකම තමා, මේකෙ ලස්සණම වැඩේ තමා අන්තිමට වෙන්නෙ. මොකක්ද දන්නවද? මුලින් මුලින් බැනපු කෙනාම ඒ වැඩේ ප්රයෝජනයට ගන්නව. ඒගොල්ලො කිව්ව විදියට ඇඹුල් තියල් ගෙනියන්න හදපු හයිවේ දැන් වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ ඒගොල්ලොම තමා. ඔය කුහකයන්ගෙ කථා හින්ද එදා හයිවේ හදන එක නැවැත්තුවනම් අද තත්වෙ කොහොම වෙයිද? 

ඒක නිසා අපිනම් කියන්නෙ ඔය උපන් ගෙයි කුහකයො කියන දේවල් තඹේකට ගණන් ගන්න ඕනෙම නෑ කියල. ලෝකෙ පුරාවටම පැතිරුණ කොවිඩ් වසංගතය අපේ රටත් වෙලා ගෙන ඉවරයි. ඒත් අපි ඒකට මූණ දෙන්න ඕනෙ. මූණ දෙන ගමන් රටේ අවශ්ය වැඩපිලිවෙලවල් ඉස්සරහටම යන්න ඕනෙ. අද වෙන කොට අපේ රටේ ඒ වැඩපිලිවෙල ඉස්සරහටම යනව කියල පේන්න තියෙන එක ගැන අපිට නම් තියෙන්නෙ උපරිම සතුටක්. එත් මේව කුහකයන්ට ඇහේ කටු අනිනව වගේ කියලත් අපි හොදටම දන්නව.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්