Mar
20

එදා සමනල සංධ්වනියේ රඟපෑම නිසා මට නැගී එන නිළිය ලෙස හොඳම සම්මානය ලැබුණා

 
802 Views
   
I-got-the-best-award-as-an-Emerging-Actress-for-my-performance-in-the-Butterfly-Symphony-that-day  

එදා සමනල සංධ්වනියේ රඟපෑම නිසා සූර්යාට හොඳම නැගී එන නළුවා ලෙස සම්මානය ලැබුණා. මට නැගී එන නිළිය ලෙස හොඳම සම්මානය ලැබුණා. මේ විදියට කියන බුද්ධිනි පූර්ණිමා, යළිත් වසර දහයකට විතර පසුව සූර්යා දයාරුවන් සමග චරිතයක් රඟපෑමට එක්ව සිටින මොහොතක, මේ පිළිසඳර ඇය සමගයි.

බුද්ධිනී පූර්ණිමා?  තවත් නම් තියනව ද?

මගේ සම්පූර්ණ නම බුද්ධිනි පුර්ණිමා කස්තුරිආරච්චි.

බුද්ධිනි කොහොම ද ජීවිතේ?

හොඳයි,

හොඳ වෙන්න හේතුව ?

සාමාන්‍ය විදියට ඉන්න හින්දා

බුද්ධිනිගේ ගම?

පැළවත්ත.

ඉතින් පවුලේ විස්තරත් කියමු 

අම්මයි, තාත්තයි අක්කයි, නංගියි.

මොන වගේ පවුලක් ද?

සාමාන්‍ය පවුලක්.  තාත්තා, කලින් නාගරික මන්ත්‍රීවරයෙක්. තාත්තාගේ නම ප්‍රේම ජයන්ත කස්තුරි ආරච්චි. මේ දිනවල තාත්තා අසනීපයෙන් පසු වන්නේ. අක්කයි, නංගියි, මමයි රැකියා කරනවා.

බුද්ධිනිට දේශපාලනය කිරීමේ අරමුණක් තිබුණේ නැද්ද ?

නංගිට තමයි තිබුණෙ. එයා කථිකත්වයට බරයි. එයා අනාගතයේ දී සමහර විට දේශපාලනය කරාවි.

බුද්ධිනි මුලින්ම රඟපෑවේ 

ජයන්ත චන්දාසිරි සර්ගේ සමනළ සංධිව්නියේ අහිංසා ලෙස. එතකොට මම පාසල් යනවා. උසස් පෙළ පංතියේ හිටියේ. පාසල් යන ළමයෙක්, අහිංසාව සොයමින් සිටිය දී, මගේ සිංහල ටීචර් විදියට හිටපු මධුමනී ටීචර් නිසා මට ඒ අවස්ථාව ලැබුණා. ඒ ටීචර් තමයි ජයන්ත සර්ගේ බිරිඳ?

සමනළ සංධ්වනියෙන් පස්සේ?

මහරජ ගැමුණූ චිත්‍රපටයේ රඟපෑවා. කතී බිසව ලෙස. චික ජයන්ත චන්ද්‍රසිරි සර්ගේ නිර්මානයක්. ඒ අතරවාරයේ දී තවත් චිත්‍රපට ලැබුණත්, තාත්තාගේ අසනීප තත්වය මත ගියේ නැහැ. පවුලේ වැඩ ගැන නිතරම හිතුවා. එදා සූර්යා එක්ක රඟපෑ මට මෑතක දී ජයන්ත චන්දාසිරි සර්ගේ නන්නත්තාර නාට්‍යයේ රඟපෑවා. ඒ නාට්‍යයේ මමයි, නංගියි දෙන්නම රඟපෑවා. අමතරව අපේ අක්කත් පොඩි කොටසකට රඟපෑවා. සූර්යා එක්ක ආයෙත් පුංචි ආදර කතාවක් ටෙලිනාට්‍යයේ රඟපෑමට සූදානමින් ඉන්නේ.

කොහොමද බුද්ධිනිගේ පුංචි ආදර කතාව?

මට තමව එහෙම ආදර කතාවක් නැහැ.

බුද්ධිනීට ආදරේ දැනෙන්නෙ කොහොමද?

ආදරය කියලා දෙයක් තියෙනවා නම්, ඒක තියෙන්නේ අම්මා – තාත්තා ළඟ විතරයි. මම හිතන්නේ එහෙමයි.

අක්කලා නංගිලා අතර බැඳිම කොහොම ද?

වෙලාවකට රන්ඩු වෙනවා.  ආයෙත් සමගියෙන් ඉන්නවා. මොනවා වුණත්, අපි සහයෝගයෙන් ඉන්නේ.

ඉගෙනීම කළේ මොන වගේ අරමුණකින් ද?

මම ගියේ සිරිමාවෝ බාලිකාවට. පසුව ජ.පුර සරසවියේ උපාධියට ලැහැස්ති වුණා. ඒත් ඒක තවම ඉවර කරන්න බැරි වුණා. ඉංග්‍රීසි භාෂාව හැදැරුවේ. ඒ අංශයෙන් ඉදිරියට යන්නයි. ඕනෑ වුණේ. මම කරන්න හිතාගෙන හිටපු බොහෝ දේ කරන්න බැරි වුණා. සියලු දේ වගේ මග දී නතර වුණා. දැන් ආයෙත් පටන් ගන්න කාලය ඇවිත්.

සහෝදරියෝ තුන්දෙනාට ගායනයටත් හැකියාව තියෙනව ද?

ගෙදර සිංදු කියනවා. එච්චර තමයි.

පුංචි ආදර කතාවක්, චරිතය ගැන කියමු?

නුවරඑළියේ එහි රූගත කිරීම් කරන්න තියෙනවා.

ළඟදීම ෂූටිං පටන් ගනීවී. 

ඉතින් දැනට කතාව ගැන කියන්න බැහැ. හැබැයි ප්‍රවීන රංගන ශිල්පීන් වන දිල්හානි අශෝකමාලා, කමල් අද්දර ආරච්චි එහෙමත් රඟපානවා.

මෙතැන් සිට බුද්ධිනි දිගටම රඟපාවිද?

ඔව්, හොඳ නිර්මාණ ලැබුණොත් රඟපානවා.

හොඳ නිර්මාන කිව්වේ? 

මට චරිතය ​හොඳ නම් ඒකට කැමති වෙනවා.

රඟපාන්න විතරද දක්ෂ? 

නර්තනයට දක්‍ෂයි. අත් වැඩවලට දක්ෂයි. විනෝදාංශයක් විදියට අත්කම් නිර්මාණ කරනවා. උයන්නත් පුළුවනි.

මේ බුද්ධිනීට නිතරම හිනා යනවා කියන්නේ ඇයි ?

මගේ ඇගෙන්ම එන දෙයක්. මට හිතෙන්නේ වැඩිපුර හිතේ දුක තියෙන අය. හිතලා කරන්නේ නැහැ. ඉබේම හිනා යනවා.

බුද්ධිනීට – බුද්ධිනීව දැනෙන්නේ කොහොමද?

මම බොහාම සුහදශීලි කෙනෙක්. සරලයි, සාමාන්‍යයි.

කොහොමද සූර්යා?

සූර්යා අයෙත් මට හම්බවුණේ ඝරසරප චිත්‍රපටයේ මුහුරත් උළෙලින් පසුවයි.  එයා හරිම හොඳ සුහදශීලි චරිතයක්. පුංචි ආදර කතාවක් ඒකේ අපි දෙන්නා තමයි පෙම්වතුන්.

හැබෑවට පෙම්වතුන් වෙන්න ඕනෑය කියලා හිතිලා නැද්ද?

අපි දෙන්නා හරිම හොඳ යාළුවෝ.

සූර්යාගේ මියුසික් වීඩියෝවලට කතා කරලා නැද්ද? 

මගේ නේ, මියුසික් වීඩීයෝවට කතා කළා. ඒත් යන්න බැරි වුණා. ඊට පෙර දුරින් ඉන්න මියුසික් වීඩියෝවටත්  කතා කළා. ඒත් යන්න බැරි වුණා.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්