Oct
7

ගුරු උද්ඝෝෂණ අසාර්ථකයි

 
525 Views
   
 

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව මුල් කර ගනිමින් ගෙන යන වෘත්තිය ක්‍රියා මාර්ගයට දින 87ක් සම්පූර්ණ විය. මෙය අසාර්ථක ක්‍රියාමාර්ගයක් බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය පවසා සිටී. එසේම අද දිනයේ (2011/10/06 ) ගුරුවරුන් විශාල පිරිසක් උත්ඝෝෂන වලට රැගෙන එන බව පැවසුවද ඊට එක්ව සිටියේ ඉතා සුළු පිරිසක් බව වාර්තා වී ඇත. ගුරු වැටුප් ගැටලුවට රජය විසඳුම් ලබා දුන් අතර එම විසදුම් පිළිනොගන්නා ලංකා ගුරු සංගමය පවසන්නේ අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

කෙසේ වෙතත් අ.පො.ස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් සඳහා මේ වනවිට 90%ක් පමණ පාසල් අයදුම් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය පවසයි. එහෙයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අසාර්ථක එකක් බව සංගමයේ ජාතික සංවිධායක සිසිර කුමාර රත්නායක මහතා පවසයි. ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ඉතාමත්ම අසාර්ථක උත්සාහයක යෙදෙමින් අරගල කරමින් මෙය ඉදිරියට ගෙන යාමට උත්සහ කලද මේ වනවිට ගුරු විදුහල්පතිවරු 90%ක් ම දැනට කෙරෙන වෘත්තීය ක්‍රියා මාර්ගයන් වලින් බැහැර වෙමින් සිටී. අ.පො.ස. උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් සියල්ල සම්පූර්ණ වෙමින් පවතින අතර ,එයින් පැහැදිලි වන්නේ ඉදිරියට ගෙනයෑමට උත්සාහ කරන වෘත්තිය ක්‍රියා මාර්ග වලට තව දුරටත් ඔවුන්ගේ එකඟතාවක් නැති බවයි.

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ එළැඹෙන අයවැයේදි, අදියරයන් ආකාරයෙන් හෝ මෙම ගැටලුවට විසඳුම් ලබා දීමට කටයුතු කරනා බවයි. කෙසේ වෙතත් සියලු අරගල නවතා ඉල්ලීම් වලට විසඳුම් ලැබෙන තුරු සියලු ගුරුවරුන්, දරු දැරියන් පිළිබඳ සිතා නුවණින් කටයුතු කරනු ඇතැයි සියල්ලන්ගේම බලාපොරොත්තුවයි.
(රෂිකා සඳමාලි හෙන්නාය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්