Nov
29

ලොක්ඩවුන් කාලයේ රේගුවේ හිරවුණු පාර්සල්වල ආහාර කල් පැනලා

 
1332 Views
   
 

කොරෝනා වසංගතය නිසා සංචරණ සීමා දැඩිකර තිබූ කාලයේ මෙරටට එවා තිබූ පාර්සල් කන්ටේනර් එකසිය තිහක් පමණ රේගුවේ සිරව තිබීමෙන් ඇතැම් ආහාර ද්රව්ය ඇතුළු භාණ්ඩ කල් ඉකුත්වී ඇතැයි ඒවායේ හිමිකරුවෝ කියා සිටිති.

මේ සම්බන්ධයෙන් ශීර ලංකා රේගුවෙන් කළ විමසීමකදී නියෝජ්ය රේගු අධ්යක්ෂ ලාල් අල්විස් මහතා කියා සිටියේ ඉකුත් නිරෝධායන ඇඳිරිය පනවා තිබූ කාලයේ නැව් මගින් මෙරටට ගෙනා භාණ්ඩ මලූ අඩංගු කන්ටේනර් 130ක් පමණ නිෂ්කාශනය කර ගත නොහැකිව රේගුවේ සිරව තිබූ බව සත්යයක් බවයි. 

නමුත් සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග නිවාඩු දිනවල පවා රාජකාරි කරමින් එකී භාණ්ඩ පාර්සල් අඩංගු කන්ටේනර් නිදහස් කර යැවීමට පියවර ගත් බවත් එලෙස ගොඩගැසී තිබූ පාර්සල්වලින් සියයට හැත්තෑපහක් පමණ මේ වන විට නිදහස් කර ඇති බවත් ඒ මහතා කීය. 

මෙම ගැටලූව මතුවූයේ එක්තරා නැව් සමාගමක් මගින් මෙරටට ගෙන්වූ කන්ටේනර් අංගණයක බවත් දිගින් දිගටම එම සමාගම මගින් මෙරටට ගෙනා පාර්සල් ගොඩගැසීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවත් නියෝජ්ය රේගු අධ්යක්ෂවරයා සඳහන් කළේය. 

නමුත් සංචරණ සීමා ඉවත් කළ පසු අදාළ නිෂ්කාශන කටයුතු වේගවත් කළ බවත් මේ වන විට සතියක් දෙකක් ඇතුළත රේගුවට ලැබෙන භාණ්ඩ නිදහස් කරගත හැකි පරිදි තදබදය අවසන් කර ඇති බවත් නියෝජ්ය රේගු අධ්යක්ෂ ලාල් අල්විස් මහතා තවදුරටත් පැවැසීය. 

 

ශිරාන් රණසිංහ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්