Aug
14

කැලණි පාලම තාවකාලිකව වසා දැමේ

 
1549 Views
   
 

කැලණි පාලමේ සිදු කෙරෙන සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ඒ ඔස්සේ කොළඹට ඇතුළුවීමේ මාර්ගය තාවකාලිකව වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද (14) අලුයම 05.00 සිට සඳුදා (16) අලුයම 05.00 දක්වා බේස්ලයින් මාර්ගයේ කැලණිතිස්ස වටරවුමේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා වූ කොළඹට ඇතුළුවීමේ මාර්ගය මෙලෙස වසා දැමෙනු ඇති.

මෙම මාර්ගය වසා තැබෙන කාලය තුළ දී කොළඹ පිටකොටුවට පැමිණෙන වාහන කැළණිතිස්ස වටරවුම හරහා ඉඟුරුකඩේ හන්දියට පිවිස සිරිමාවෝ බණ්ඩාරණායක මාවත, ආමර් වීදිය බාබර් හන්දියෙන් මහා විද්‍යාල මාවත ඔස්සේ පිටකොටුවට පිවිසිය යුතුයි.

ආමර් වීදීය, පංචිකාවත්ත වටරවුම, මරදාන හරහා ගමන් මඟ භාවිතා කර පිටකොටුවට සහ බොරැල්ලටත් ගමන් කළ හැකි බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම දෙමටගොඩ දෙසට ගමන් කළ යුතු රථ වාහන ප්‍රදීපා මාවත, සද්ධර්ම මාවත හරහා පැමිණ නැවත බේස්ලයින් මාවතට පිවිස දෙමටගොඩ දෙසට ගමන් කළ හැකියි.

කෙසේවෙතත් කොළඹින් පිටවන වාහන සඳහා ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට කැළණිතිස්ස වටරවුම දක්වා වූ මාර්ගය තවදුරටත් ගමනා ගමනයට විවෘතව පවතිනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්