Jun
9

ශ්‍රී ලංකා – දකුණු කොරියා පාපන්දු තරගය අද

 
1375 Views
   
 

2022 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය ප්‍රබල දකුණු කොරියාව සමගින් අද (09දා) පැවැත්වේ. ආසියානු කලාපයේ “එච්” කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙය දකුණු කොරියාවේ සත්කාරකත්වය යටතේ එරට ගෝයාං ක්‍රීඩා සංකීර්ණයේදී මෙරට වේලාවෙන් ප.ව. 4.30ට ආරම්භ වේ.

මේ වනවිට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි දකුණු කොරියාව ලොව 39 වැනි ස්ථානයේත් ආසියානු ශ්‍රේණිගත කිරීම්හි 03 වැනි ස්ථානයේත් පසුවෙයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාව ලොව පාපන්දු ක්‍රීඩාකරන රටවල් 201ක් අතරින් 204 වැනි ස්ථානයේ පසුවන අතර, ආසියානු ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 46 වැනි නැතහොත් අවසන් ස්ථානයයි.

2022 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ලෙබනනයට එරෙහිව පසුගියදා (05දා) සහභාගි වූ තරගයෙන් ශ්‍රී ලංකාවට ගෝල 3-2ක පරාජයක් හිමිවිය. කෙසේ වෙතත් ලෝක ශ්‍රේණිගත කිරිම්හි ශ්‍රී ලංකාවට වඩා ස්ථාන 111ක්, එනම් ලොව 93 වැනි ස්ථානයේ පසුවන ලෙබනනය හමුවේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි ඉතා පහළ (204) ස්ථානයක පසුවන ශ්‍රී ලංකාව දැක් වූ දක්‍ෂතා ජාත්‍යන්තර පාපන්දු පිටියේ මේ වනවිට දැඩි කථාබහට ලක්ව ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්