Sep
16

නිෂ්පාදකවරු අමාරුවේ වැටිලා ඉන්නවා, ඒක ඇත්තක්. පසුකාලීනව ඒක අපේ පෞද්ගලික ජීවිතයට බලපාන්න පුළුවන් – මධුෂානි වික්‍රමසිංහ

 
2812 Views
   
 

නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන මදුෂානි ජනප්‍රිය වන්නේ තිත්ත ඇත්ත චිත්‍රපටය හරහායි. මේ වනවිට ඇය දායක වුණු නවතම චිත්‍රපටයේ වැඩකටයුතුත් අවසන් වී තිබෙනවා. සිනමාව හරහා දිගු ගමනක් යෑමට බලාපොරොත්තු වන මදුෂානි වික්‍රමසිංහ ඇය ගැන කීවේ මේ විදියට.

දින කිහිපයකට කලින් මගේ අළුත්ම චිත්‍රපටයේ වැඩ ඉවර වුණා. චිත්‍රපටයේ නම ‘මොනාලිසා’. මම ඒකේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙනවා. නිරූපණය පැත්තෙන් දායක වුණු වැඩ කිහිපයකුත් ළඟදීම එනවා. මොනාලිසා චිත්‍රපටය එරංග සේනාරත්න මහතාගේ අධ්‍යක්ෂණයක්. සමාජය ඇතුළේ කතාබහ වෙන සාමාන්‍ය සිද්ධියක් වටා චිත්‍රපටය ගෙතී තිබෙනවා. නමුත් සමාජය අනුමත නොකරන අසම්මත පෙමක් ගැන කියන කතාවක්. මම ප්‍රධාන චරිතය කරන හතරවෙනි චිත්‍රපටය තමයි මොනාලිසා. කෝවිඩ් වසංගතය හැම ක්ෂේත්‍රයකටම බලපාලා තිබෙනවා. සිනමා කර්මාන්තයටත් ඒක දැඩි විදිහට බලපාලා තිබෙනවා. කෝවිඩ් සහ රටේ තත්ත්වය නිසා මට නිර්මාණ කිහිපයක්ම බාරගන්න බැරි වුණා. ඒ වගේම මගේ පෞද්ගලික හේතූන් නිසාත් නිර්මාණ කිහිපයක් අත් හරින්න සිදු වුණා. මොනාලිසා චිත්‍රපටය රූගත කරන්නෙත් කෝවිඩ් කාලයේදීම තමයි. රූගත කිරීම් සිදුවුණෙත් කොළඹ අවට. අපිට කො රොනා අභියෝගයත් තිබුණා. නමුත් ටී බෝයිගේ ඉඳලා අධ්‍යක්ෂවරයා දක්වාම ඒ පරිස්සමත් තියාගෙන තමයි අපි වැඩ කළේ.

ඇත්තටම මේ කාලය අපරාදේ. නමුත් අපිට ඒකට මුහුණ දෙන්න වෙනවා. මොකද අපිට වෙන ඔප්ෂන් එකක් නැ හැ. සමහරවිට ඉදිරියේදී විකල්ප සිනමා ධාරාවක් එළියට එන්න පුළුවන්. ඒවාත් එක්ක සිනමාව යම් තැනකට එයි. ඒ නැතත් මේ කාලය තුළ අපි ඉවසගෙන හිටියෝත් ඉක්මනටම අපිට නැවතත් සුපුරුදු විදිහට වැඩ කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. නිර්මාණ භාරගන්නකොට මම අනිවාර්යෙන්ම පිටපත දෙතුන් පාරක් කියවනවා. ඊටපස්සේ මගේ චරිතය මොකද්ද, මට කරන්න තියෙන්නේ මොනවද කියලා බලනවා. මට ඒ චරිතයට හැඩගැහෙන්න පුළුවන්ද, මට ඒකට උපරිම සාධාරණයක් කරන්න පුළුවන්ද කියලා බලනවා. ලංකාව ඇතුළේ ගැහැණු ළමයෙක් චරිතයක් නිරූපණය කරද්දි පසුකාලීනව ඒක අපේ පෞද්ගලික ජීවිතයට බලපාන්න පුළුවන්. ඒ හැමදේකටම මට මුහුණ දෙන්න, සාධාරණයක් කරන්න හැකියාවක් තිබෙනවා නම් අනිවාර්යෙන්ම මම ඒ චරිතය බාර ගන්නවා.

මුල් කාලේදි නම් ටෙලි නාට්‍ය කිහිපයකට දායක වුණා. ඉන්පසුව නම් ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න ලැබුණේ නැ හැ. මම වැඩියෙන්ම කැමති සිනමාවට. මගේ හීනය තිබුණේ සිනමාව. මම ඒ හීනයට දැන් ඇවිත් තිබෙනවා. මම හිතන්නේ නිර්මාණයක් වෙනුවෙන් ලබාදෙන්න පුළුවන් මානසික නිදහසක් සිනමාවේදී තිබෙනවා. මට ඕනේ මම දායක වෙන හැම නිර්මාණයකටම මගේ උපරිමය ලබාදෙන්න. ඒ වගේම ඒ පුළුල් තිරයට මම ගොඩක් කැමතියි. මේ කෝවිඩ් වසංගතයත් එක්ක සිනමා කර්මාන්තයත් යම් බිඳවැටීමක තිබෙනවා. දැවැන්ත සිනමා නිර්මාණ, නිෂ්පාදකවරු අමාරුවේ වැටිලා ඉන්නවා. ඒක ඇත්තක්. නමුත් මට සිනමාව ගැන තිබෙන ආදරය නිසා මම සිනමාවත් එක්ක වැඩ කරන්න කැමතියි.

මුල් කාලේ ඉඳලා මම අද ඉන්න තැනට එන්න ලොකු මහන්සියක් වුණා. මගේ ආරම්භයට ලොකු පදනමක් වුණා ජාතික තරුණ සේවා සභාවේ රංගන පාඨමාලාව. මම එහි පූර්ණ කාලීන ඩිප්ලෝමා පාඨමාලාව හදාරලා තමයි රංගනයට එකතු වෙන්නේ. මට මේ තාක් ලැබුණු චරිත ගැන මම සතුටු වෙනවා. ඒ චරිතවලට, ඒ නිර්මාණයට මම උපරිම සාධාරණයක් කළා කියලා හිතනවා. අද මට ලැබෙන ප්‍රතිචාර ගැන ඇත්තටම සතුටුයි. මොකද ක්ෂේත්‍රයට ආවේ ගොඩක් දුක් විඳලා. මම වැඩියෙන්ම කැමති uncommon දේවල් කරන්න. හෙයාර් ස්ටයිල්, මේකප්, ඇඳුම් හැමදෙයක්ම uncommon. හැබැයි මගේ චරිතයටවත්, පවුලේ අයටවත් හානියක් වන විදිහේ ෆැෂන් කරන්නේ නැහැ. මම චරිතයකට ඇඳපු ඇඳුම් විලාසිතාවන් සාමාන්‍ය ජීවිතයේදී අඳින්නේ නැ හැ.

මුල් කාලේදි නම් ගෙදර අයගේ ලොකු කැමැත්තක් තිබුණේ නැ හැ. සමහරවිට ඒක ක්ෂේත්‍රය ගැන තිබුණු අනවබෝධය වෙන්න ඇති. නමුත් දැන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා ගෙදරින්. එයාලා තේරුම්ගෙන තිබෙනවා මම කරන වැඩ ගැන. මම මෙච්චර කාලයක් වැඩ කරපු කිසිම තැනක මට ප්‍රශ්නයක් ඇවිල්ලත් නැ හැ. මම ප්‍රශ්නයක් දාගෙනත් නැ හැ. ඒ නිසා ගෙදරින් ලොකු සහයෝගයක් ලබා දෙනවා. කලා නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තිබෙනවා. ඒවායේ වැඩකටයුතුවලට ඉදිරියට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මගේ ව්‍යාපාර කටයුතුත් තව දියුණු කරගන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මුළු ලෝකයම ඉක්මනටම යථා තත්ත්වයට පත්වෙලා මිනිසුන්ට සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. (කැළුම් දේවින්ද)

 

36

 

35

 

34

 

33

 

32

 

31

 

30

 

29

 

28

 

27

 

26

 

25

 

24

 

23

 

22

 

21

 

20

 

19

 

18

 

17

 

16

 

15

 

14

 

13

 

12

 

10

 

9

 

8

 

7

 

6

 

5

 

4

 

3

 

2

 

1

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්