Sep
8

ශ්‍රී ලංකාවේ ධීවර හා මුහුදු ආහාර අපනයන ඉතිහාසයේ ඉහලම අගය වාර්තා වේ

 
565 Views
   
 

කෝවිඩ් වසංගතය හමුවේ වුවද ධීවර හා මුහුදු අපනයන මගින් පෙරට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබීම ශ්‍රී ලංකාව එම ක්ෂේත්රයේ ලැබූ විශාල ජයග්‍රහණයකි. ලොව පුරා රටවල් රැසකින් ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම මෙයට හේතු වී ඇත. දැනට ශ්‍රී ලංකාව ලෝක වෙළඳපලේ මේ සඳහා ඇති ඉල්ලුමෙන් තුනෙන් එකක ප්‍රමාණයක් සපයනු ලබයි. ප්‍රධාන වශයෙන් අපනයනය කරනු ලබන්නේ ඉස්සෝ, දැල්ලෝ, ටුනා මසුන්, මත්ස්‍ය ෆිලට් හා මුහුදු ආශ්‍රිත නිෂ්පාදන වන අතර මීට අමතරව විසිතුරු මත්ස්‍ය වර්ග 700 ආසන්න ප්‍රමාණයක් දේශීයව අභිජනනය කර අපනයනය කරනු ලබයි.

වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 220 ක පමණ විදේශ විනිමය ප්‍රමාණයක් උත්පාදනය කරන මෙම ක්ෂේත්‍රයේ අනාගත ඉලක්කය වන්නේ වර්ෂ 2025 වන විට එම ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 750 දක්වා වර්ධනය කරලීමයි. වර්තමාන රජය අපනයන සඳහා දිරි දෙමින් අපනයනකරුවන්ගේ ගැටළු වලට නිසි පිලියම් යොදමින් මෙම ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සාර්ථක වැඩපිළිවෙළක් දියත් කරමින් සිටි. එහි ප්‍රතිඵල ලෙස 2021 ජූලි මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 40 ක වාර්තාගත ආදායමක් ඉපයීමට හැකියාව ලැබී ඇත.

තවද පසු අස්වනු නාස්තිය අවම කිරීම සඳහා පියවරයන් ලෙස නවීන ධීවර යාත්‍රා, නව ධීවර උපකරණ හා නව තාක්ෂණය ධීවර ප්‍රජාවට හඳුන්වා දීම ද සිදු කර ඇත. මීට අමතරව ධීවර ප්‍රජාව වෙනුවෙන් තවත් බොහෝ වැඩසටහන් මේ වන විටත් දියත් කරමින් සිටියි. විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇතිකිරීම ධීවර වරාය සංවර්ධනය බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ගෙන යන මෙම සාර්ථක වැඩපිළිවෙළ හරහා මෙම ක්ෂේත්‍රයේ වෙනදාට වඩා ප්‍රගතියක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබී ඇත. (සඳුනිකා රාජපක්ෂ)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්