Nov
2

වකුගඩු රකිමු…… ගොවීන් සුරකිමු ……

 
442 Views
   
 

රජවරුන් සේ එදා ගොවිතැන් කල බොහෝ දෙනෙකුට අද මාස්පතා රෝහල් වල සායන වලට ගමන් කිරීමට සිදුව ඇත.
ඔවුන් ද රු ණු වකුගඩු රෝගයෙන් පෙළීම ඊට හේතුවයි.වකුගඩු රෝගයට බලපාන හේතු කිහිපයක් මේ වනවිට සොයාගෙන තිබේ. ඉන් ප්‍රධානතම හේතුවක් වන්නේ වසර ගණනාවක් පුරා අපේ රටේ ගොවිබිම් වලට රසායනික පොහොර යෙදීම හේතුවෙන් පරිසරය දූෂණය වීමයි.  නො දැන කළ ඒ වරදින් බොහෝ පීඩා විදින ගොවීන් කිහිප දෙනෙකු ඔවුන්ගේ ජීවිත කතාව පවසන්නේ ඉතාමත් දුක්බර ආකාරයටයි.

“ඉස්සර හොඳට වැඩකරගෙන ඉද්දී තමයි මට ලෙඩ දුක් ඇති වුනේ. ළ මයි දෙන්නත් මහණ කරන්න දීලා එදා වේල සපයාගෙන ඉන්නවා.ඉතිං මං හුඟක් වැඩ කලා.තෙල් වර්ග තමයි ගොඩක් භාවිතා කලේ.හැම බෝගයක්ම වගා කලා.ඒත් හමදේම කලේ රසායනික පොහොර ගහලා. අද මම මේ මාරාන්තික වකුගඩු රෝගයට ගොඳුරු වෙලා දුක් විදිනවා ” එසේ පවසන්නේ ගලෙන් බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචි සුනිල් ශාන්ත මහතා රටට බත සැපයීමට දහදිය වැපුරූ විශිෂ්ඨ ගොවියෙක්. එහෙත් අද ඔහු පත්ව ඇත්තේ ශෝචනීය තත්ත්වයකටයි. 76 වන වියේ පසුවන මෙත්තසේන මහතාගේ ජීවිතයද අද රෝද පුටුවට සීමා වෙලා.ඔහුද තරුණ කාලයේ ගොවිතැනින් රජකම් කල රජ රට තවත් සාර්ථක ගොවියෙක්. එහෙත් වකුගඩු රෝගය සියල්ල වෙනස් කරමින් මෙත්තසේන මහතාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස්කර අවසන්.

රජකමටත් සුදුසු වූ ගොවි රජවරුන් ගේ ජීවිත විනාශ කරන වකුගඩු රෝගයට තිත තැබීමට අපට නො හැකි වුවහොත් ජාතියේ අනාගතය සැබැවින්ම අඳුරු වනු ඇත. එබැවින් වකුගඩු රෝගයට ප්‍රබලම හේතුව වන රසායනික පොහොර භාවිතය මේ මොහොතේම නතර කිරීම තවත් අහිංසක ජීවිත ගණනක් ජීවත් කරවීමට උපකාරයක්ම වේවි. ගොවියා රජකරවන්න ඕනි යැයි අප බාල කාලේ සිටම දන්නා කරුණක් .නමුත් අද වනවිට රජ කරවන එක කෙසේ වෙතත් ගොවියා ජීවත් කරවීමේ කාර්‍ය මුල් වී ඇත.මන්ද වකුගඩු රෝගීන් ශීඝ්‍රයෙන් ගොවි පරපුර බිලිගනිමින් සිටී. ඒ අවාසනාවන්ත ඉරණමින් ගොවියා සහ අනාගත පරපුරට නීරෝගී ජීවිතයක් උදාකර දීමට ජනපති ගෝඨාභය නම් විශිෂ්ඨ නායකයා ගත් තීරණයෙහි වැදගත්ම සහ අනාගත වටිනාකම නුවණින් බලා තේරුම් ගත යුතුය. උත්ඝෝෂකයින් හට ගොවියා නො මඟ යැවීමට ඉඩ තැබිය යුතු නැ ත. වකුගඩු රෝගයේ මූලාරම්භය දැන දැනත් ඇතැම් ගොවීන් ඇතැමුන්ගේ මුලාවට රැවටී ඒ ගැන නො සලකා හරිමින් රසායනික පොහොර ඉල්ලා සටන් කිරීම ජාතියේම අවාසනාවක්. (රෂිකා සඳමාලි හෙන්නාය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්