Oct
7

අභියෝගය ජයගෙන රට ඉදිරියට

 
399 Views
   
 

කොරෝනා ව්‍යසනය හමුවේ ලෝකයේ බලවත්ම රටවල්වල ආර්ථිකයන් පවා අඩපණ වෙද්දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සුබවාදී මට්ටමක පවත්වාගෙන යාමට හැකියාව ලැබී ඇත. කොළඹ කොටස් වෙළඳපොළ 2021.10.05 වන දිනයේ ඉහළ අගයන් වාර්තා කලේ එය තවත් තහවුරු කරමිනි. කොරෝනා වෛරසය මිනිසා රෝගී කරමින් නොනැවතී ජීවිත ද බිලිගනිමින් දහස් ගණන් මිනිස් ජීවිත වලට සෘජුව බලපෑම් එල්ල කලා.ඊට අමතරව ලෝක ආර්ථිකයටද කොරෝනා වෛරසය එල්ල කල බලපෑම සුළු පටු නැ ත. ඇමරිකාව ඇතුළු ලෝකයේ බලවත් රටවල් විශාල සංඛ්‍යාවක් දැඩි ලෙස ආර්ථික අර්බුදයන්ට මුහුණ දී ඇත.වසර 30 කට පසු ඇමරිකාවේ උද්ධමනයේ ඉහළම අගය පසුගිය මාසයේදී වාර්තා විය .පසුගිය අගෝස්තු මාසයේ ඇමරිකාවේ පුද්ගල පරිභෝජන වියදම 0.4% කින් ඉහළ ගිය අතර එය පසුගිය වසරට සාපේක්ෂව 4.3% ක ඉහළ යාමකි.

එපමණක් නොව බ්‍රිතාන්‍ය ඉන්ධන සහ අත්‍යාවශ්‍ය ආහාර සැපයීම අඩාල වීමත් සමඟ ඒවායේ මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ලන්ඩන් අගනුවර ඉන්ධන පිරවුම්හල් බහුතරයක් වසාදැමීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත් ලෝක බලවතුන්ගේ ආර්ථිකය ද දැඩි පසුබෑමකට ලක්වෙමින් පවතින පසුබිමක ශ්‍රී ලංකා ආර්ථිකයට අපේක්ෂිත යම් ඉලක්කයකට ළඟාවීමට හැකිවී ඇත. මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව තුළ උපාය මාර්ගික කවුළුවක් විවෘතව ඇත.තාරුණ්‍යයේ ජවය සමගින් නිර්මාණශීලී ප්‍රවණතා හඳුනාගනිමින් ඉදිරියට යන කාලයක් උදාව ඇත.සාම්ප්‍රධායික දේ පමණක් වෙනුවට නිර්මාණශීලී දේ මත ඉදිරියට යන නායකත්වයක් අපට ලැබී ඇත.

කොළඹ කොටස් වෙළඳපොළ ද ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක ඒකක 9500 ක් ඉක්මවා යාම සිදුවූයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ සුබවාදී මුහුණුවර පෙන්නුම් කරමිනි.මේ අනුව සියලු කොටස් මිල දර්ශකය ජනවාරි සිට සැප්තැම්බර් මස දක්වා කාලය තුල 40% ක වර්ධනයක් පෙන්නුම් කරන බව කොටස් වෙළඳපොළ ප්‍රධාන විධායක නිළධාරී රජීව බණ්ඩාරනායක මහතා පවසයි .එහි පිරිවැටුම වර්ෂයක් තුළ ඉහළම පිරිවැටුමක් සටහන් වූ වර්ෂයක් ලෙස 2021 වර්ෂය සටහන් වී ඇත. අලුතින් කොටස් වෙළඳපොළට සම්භන්ධ වන අයෝජකයන්ගේ සැලකිව යුතු වැඩිවීමක් ද දක්නට ඇති බව අලුතින් ගිණුම් 150ක් පමණ විවෘත වී ඇති අතර එයි බහුතරයක් තරුණ පිරිස නියෝජනය වන බවත් එතුමා වැඩි දුරටත් පැවසීය.

මේ සියල්ලම අභිමුව තේරුම් ගත යුතු සරල දෙයනම් වත්මන් නායකත්වය සමඟ සසදද්දී ,ලෝක බලවතුන් අභිමුව සාර්ථක පෙරගමන්කරු කිසිවෙකුත් නො ව ඒ ජනාධිපති ගෝඨාභය පමණමයි. ලොව හෙල්ලූ බලවතුන් ඉදිරියේදී අප රටෙහි ඇති සාර්ථකත්වය පෙන්වීමට මීට වඩා සාක්ෂි අවශ්‍ය නැ ත. ශක්තිමත් නායකයා හමුවේ සියලු අභියෝගයන් හට හිමිවනුයේ අභියෝගයක් මිස ජයග්‍රහණයක් නොවේ. (රෂිකා සඳමාලි හෙන්නායක)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්