Apr
2

පක්ෂ, පාට, භේද අතහැර රට ගොඩනැඟීමට එක්වෙමු

 
2143 Views
   
 

අපේ ශ්‍රී ලාංකීය ජාතිය කියන්නෙ මුල අමතක වන කළගුණ නොදත් ජාතියක් බව මේ වනවිට ඔප්පු කරමින් සිටියි. මේ වනවිට අපි රටක් විදියට ඉන්නේ ලොකු අර්බුදයක්.ලොකු අවධානමක.මේ තත්ත්වය ඇතිවීමට බලපෑ ප්‍රධාන කාරණයක් වන්නේ කොවිඩ් වසංගතයයි.නමුත් මුළු ලෝකයටම පාලනය කරගැනීමට නොහැකි වූ කොවිඩ් වසංගතය රටක් විදියට සාර්ථකව පාලනය කිරීමට හැකිවුණා.කොවිඩ් වසංගතය පාලනය කිරීමට ලෝකයේ එන්නත්කරණ ක්‍රියාවලිය ආරම්භ වීමත් සමඟ මුල් අදියරේ සිටම එම එන්නත් අපේ ජනතාවට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජය ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටු කළේය.

එන්නත්කරණය සිදුකරන තෙක් විපක්ෂයත්, ජ.වි.පෙත් බොරුවට කෑගසූ හැටි අපට අමතක නැත. නමුත් එන්නත්කරණය සිදුකිරීමට අවශ්‍යය වැක්සීනය ආධාර වශයෙන් ලැබුනේ සුළු කොටසක් පමණි. ඉතිරි වැක්සීන් ප්‍රමාණය සහ එන්නත් කටු ආදී අනෙකුත් උපාංග සියල්ලක්ම වෙනත් රටවලින් මිලදී ගැනීමට සිදුවූ බව සමහර විට ජනතාව නොදන්නවා වන්නට පුළුවන. නමුත් බොරුවට කෑගසමින් ජනතාව කුලප්පු කරන විපක්ෂය ඇතුළු අනෙකුත් කඩාකප්පල්කාරී පිරිස් නම් ඒ පිළිබඳව හොඳින් දැන සිටියි.ඒ මිලදී ගැනීම් සියල්ල කිරීමේදී අපට සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් වැයකිරීමට සිදුවිය.

අනෙක් අතට අපේ රටට ප්‍රධාන වශයෙන්ම විදේශ විනිමය ලැබුණු ක්ෂේත්‍රයක් වන සංචාරක කර්මාන්තය මුළුමනින්ම අඩපණ වූ බව සියල්ලන්ම දන්නා කරුණකි. ඒ වාගේම අපේ විදේශ ශ්‍රමිකයින්ගෙන් ලැබුණු විදේශ විනිමයත් මේ වසංගත තත්ත්වය තුළ අපට අහිමි විය.එමෙන්ම ලොවපුරා ලොක්ඩවුන් කිරීම හේතුවෙන් අපි කරන අපනයන නිෂ්පාදන කිසිවක් වෙනත් රටවලට අපනයනය කිරීමට නොහැකි විය.මේ ආදී වූ බොහෝ කාරණා අද අපේ රටට ඩොලර් හිඟ වීමට බෙහෙවින්ම බලපෑවේය.

නමුත් විපක්ෂය සහ කඩාකප්පල්කාරී පිරිස් අද හැසිරෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඩොලර් විනාශ කර දමනවා සේය.නමුත් මේ ඇතිවූ ප්‍රායෝගික තත්ත්වයට ජනාධිපති තුමා හෝ රජය සෘජුව වගකිවයුතු නොවේ. මාගේ දැනුමේ හැටියට නම් මේ තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මහ දවල් මහ බැංකුව කොල්ල කෑ යහපාලන නඩයයි.ඔවුන් අද හැසිරෙන්නේ නින්දෙන් අවදිවූවන් මෙනි.ලෝක ප්‍රශ්නයක් හමුවේ අප රටට මුහුණ දීමට සිදුවී ඇති අර්බූදයට එකට එක්වී රටක් ලෙස විසඳුමක් සොයනවා වෙනුවට බලලෝභී ලෙස හැසිරෙමින් විපක්ෂය කරනුයේ බොරදියේ මාළු බාගැනීමකි.

ජනතාව මුලාකරමින් කෑගසන විපක්ෂයවත්, ජ.වි.පෙ ඇතුළු අනෙකුත් කෑගහන කණ්ඩායමක්වත් මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට විසඳුම් ලබාදෙන්නේ නැත.අඩු තරමේ සාර්ථක අදහසක්වත් ඉදිරිපත් කරන්නේද නැත.ඔවුන් උදේ සිට රාත්‍රිය වනතෙක්ම කරන්නේ ජනාධිපති තුමාටත් ආණ්ඩුවටත් බැන බැන සිටීම පමණි.මට පෙනෙන ආකාරයට නම් ඔවුන් හැම කෙනාටම ඇත්තේ රට ගැන කැක්කුමක් නොවේ රාජපක්ෂවරුන් සමඟ ප්‍රශ්නයකි.ඔවුන්ට ඇත්තේ රාජපක්ෂ භීතිකාවකි. ඔවුන්ට ඇත්තේ කුහක බලලෝභයක් පමණකි.

මේ අවස්ථාව එකිනෙකාට ඇඟිලි දිගුකරමින් චෝදනා කරමින් කාලය කා දැමිය හැකි වකවානුවක් නොවේ.පාට ,පක්ෂ, භේද නොසලකා රටක් ලෙස එක් ජාතියක් ලෙස නැඟී සිටීමට අප සියළු දෙනාම අත්වැල් බැඳගත යුතුය.

අපි සිහියට ගත් යුත්තේ පසුගිය කාලයේ වසංගතය දැඩිව තිබයදීත් ජනාධිපති තුමාත් රජයත් ජනතාව වෙනුවෙන් කළහැකි උපරිම දෙය කල බව අප අමතක කිරීම සුදුසු නොවේ.එවන් තත්ත්වයක් තුල පවා තෙවරක් රු.5000 ක මුදලක් ජනතාවට ලබාදුන්නේ ජනතාව ගැන සිතන ජනතාව සංවේදී රජක් තිබුණු නිසාය.ඒ වකවානුවේ මේ විපක්ෂයවත් ඔය කෑගහන අනෙක් අයවත් බලයේ සිටියා නම් අද වනවිට අපට රටක් ඉතිරි වන්නේ නැත.

කිසිම ස්වාභාවික ව්‍යසනයක්,වසංගතයක්,ගෝලීය ආර්ථික බිඳවැටීමක් නොතිබුණු යහපාලන ආණ්ඩු සමයේ සංවර්ධනය වෙනුවෙන් නිසි ලෙස ආරම්භ කළ කිසිම ව්‍යාපෘතියක් නොමැත.අඩුතරමේ මහින්ද මහතාගේ පාලන සමයේ ආරම්භ කළ ව්‍යාපෘතියක්වත් ඉදිරියට ගෙනයාමට යහපාලන නඩය සමත් වූයේ නැත.අද ජනතාව කුපිත කරමින් වහසිබස් දෙඩුවද ඔවුන් ජනතාව වෙනුවෙන් කළ කිසි දෙයක් නොමැත.

මේ අවස්ථාවේ අපි රටක් විදියට එකට සිටගත යුතුයි.ලෝකයේ අනෙක් ජාතීනට වඩා ඉතිහාසයේ සිටම අපි ශක්තිමත් ජාතියක්.කවදාවත් පරද්දන්න නොහැකියයි පැවසූ යුද්ධය පරාජය කර ලෝකයටම හොඳ පණිවිඩයක් දෙන්න අපට හැකි වුණා.රටට මොන විපත් උවදුරු ආවත් අපි නැවත් නැගිටපු ජාතියක්.තිස් අවුරුදු යුද්ධය පරාජය කළා මෙන්,කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කළාක් මෙන් මේ ආර්ථික ගැටළුව විසඳා ගැනීමට අපට හැකිය.නමුත් ඉහත සඳහන් කළ අවස්ථා දෙකෙහිදීම ජනතාව තමන්ගේ යුතුකම් හා වගකීම් ඉටුකරමින් යම් කැපකිරීම් කරමින් විශාල සහයෝහයක් ලබාදුන් අකාරයටම නැවත මුළු රටේම සහයෝගය ලබා දිය යුතු කාලය පැමිණ ඇත.

වසර ගණනාවක් පුරා රසායනික පොහොර භාවිතය නිසා වකුගඩු රෝගයෙන් පෙළෙන ජනතාව විඳින දුක පිළිබඳව අවධානය යොමුකරමින් අතිගරු ජනාධිපති තුමන් ,තමන්ට බලපෑම් තර්ජන එන බව දැන දැනත් ජනතාව වෙනුවෙන් රසායනික පොහොර ආනයනය තහනම් කර කාබනික ගොවිතැනට ජනතාව දිරිමත් කළේය.ඒ අවස්ථාවේදී ජනතාව නොමඟ යවමින් කාබනික ගොවිතැනෙන් අස්වැන්න අඩුවෙන බව පවසමින් ඒ වැඩපිළිවෙල දිගින් දිගටම විවේචනය කළ විපක්ෂය ඇතුළු පාර්ෂව වලට අද වනවිට සවභාදහමෙන්ම පිළිතුරු සපයා ඇත.කාබනික පොහොර යෙදීමෙන් අස්වැන්න අඩුවෙනවා කිවූ බව භෝග සාරවත් අස්වනු ලබාදෙමින් තිබේ.

එනිසා අපි බුද්ධිමත් ජනතාවක් ලෙස දැන්වත් මේ දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතාව නොමඟ යවන කණ්ඩායම් වල බොරු බේගල් වලට අසු නොවිය යුතුයි.එනිසා අප අද පටන් බුද්ධිමතව සිතා රට වෙනුවෙන් තනිතනිව අපට කළ හැකි කර අපේ යුතුකම් ඉටුකර රට නැවතත් නඟාසිටුවීමට පක්ෂ,පාට,භේදයකින් තොරව පෙළගැසෙමු.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්