Jun
2

යකඩ කොටස් යාත්‍රාවල ගැටෙන්න පුළුවන් ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

 
1314 Views
   
 

පානදුර සිට කොළ‍ඹ හරහා කොච්චිකඩේ දක්වා වෙරළාසන්න මුහුදේ සියලු ධිවර යාත්‍රාවලට ධිවර කටයුතුවලින් ඉවත් කරන ලෙස ධිවර දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

 

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව අද දිනය තුළ මුහුදේ ගිලියාමට බොහෝ දුරට ඉඩකඩ පවතින බවට අදාළ අංශ විසින් තහවුරු කිරීම හේතුවෙන් එම දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්.

 

යාත්‍රාවේ ඇති ඉන්ධන ඇතුළු අපද්‍රව්‍ය මෙන්ම දැවී ගිය කන්ටේනර්වල යකඩ කොටස් මුහුදේ පාවී යාත්‍රාවල ගැටීමේ අවදානමක් මතුව ඇති බැවින් පානදුර සිට කොළ‍ඹ හරහා කොච්චිකඩේ දක්වා වෙරළාසන්න මුහුදේ සියලු ධිවර යාත්‍රා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

 

එමෙන්ම ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස සෙසු ප්‍රදේශවල ධීවර ජනතාව දැනුවත් කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලු දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් වෙත දැනුම් දී ඇති බව ද සඳහන්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්