Feb
26

එයාලා වලෙන් නැගිටලා ආවත් දේශපාලනය නම් කරන්නෙ නෑ – නිල්මිණි කෝට්ටේගොඩ

 
476 Views
   
They-do-not-name-politics-even-if-they-come-out-of-the-pit---Nilmini-Kottegoda  

නිල්මිණිට පුංචි කාලෙට යන්න ආයෙමත් අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් යන්න කැමති කොයි කාලේටද?

එහෙම වුණොත් මම මට තේරෙන වයසෙ කාලයට යන්න කැමතියි. අත දරුවෙක් වෙලා හිටපු කාලයට ගියාට ඒ මතකය අපිට දැනෙන්නේ නැහැනේ. ඒ නිසා මට අවුරුදු තුන හතරේ ඉඳන් ගෙවන කාලයට යන්න මම හරි කැමතියි.

නොහිතපු වෙලාවක කලා ක්ෂේත්‍රයෙන් ඔබ ප්‍රතික්ෂේප කරනවා. එහෙම වුණොත්?

මට හිතෙන්නේ මම කලාව කවදාවත් ප්‍රතික්ෂේප කරන එකක් නැහැ. ඒක සහතිකයි. මම ජීවත්ව ඉන්න තාක්කල් කලාව මා තුළ තියේවි. කලාව මගේ නහරත් එක්ක බද්ධ වෙලා තිබෙන දෙයක්. කලාව මට නැතිවුණොත් මමත් නැති වේවි කියලයි මට හිතෙන්නේ. මට කලාවක් නැතිව මොනවත් හිතන්න බැහැ. මම අද නියැලිලා ඉන්න කලා ක්ෂේත්‍රයේ අය මාව අයින් කරනවා නම් ඒකට මම විශාල වැරැද්දක් හානියක් ඔවුන්ට කරලා තියෙන්න ඕනේ. මම පෞද්ගලිකව මේ කලා ක්ෂේත්‍රයේ ඉන්න කිසිම කෙනෙකුට හානියක් කරලා නැහැ. ඒ නිසා ඔවුන් මාව ප්‍රතික්ෂේප කරන එකකුත් නැහැ කියලයි විශ්වාස කරන්නේ.

නොකරපු වරදකට නිල්මිණීට දඬුවම් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ?

මම එහෙම වුණොත් අනිත් අය ගැන ඒතරම් හිතන්නේ නැහැ. නොකරපු වරදකට කවුරුන් හෝ මාව හසු කරනවා නම් මම ඒක මේ විශ්වයට සහ ස්වභාව දහමට බාර කරනවා. ඒ ගැන මට අත්දැකීම් තිබෙනවා. එහෙම නොකළ වරදකට මාව හසුකරන අයට මේ ස්වභාව දහමෙන් දඬුවම් ලැබෙනවාම තමයි. මම නීතියටත් වඩා මේ විශ්වයට සහ ස්වභාදහමට බයයි. මේ ස්වභාව දහම තුළ පාට, පක්ෂ, බලයට, මුදලට යටවන විනිසුරුවන් නැහැ. මේ විශ්වය නිවැරදි තීරණ ලබලා දෙනවා. ඒ නිසා මම ඒ හැමදේම මේ විශ්වයට බාර කරනවා.

මේ පවතින දක්ෂතාවය හා ජනප්‍රියත්වය නිසාම නිල්මිණිට දේශපාලනයට සම්බන්ධ වෙන්න ආරාධනාවක් සහ අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ?

මගේ අම්මා, තාත්තා දෙන්නම මේ වෙද්දී ජීවතුන් අතරේ නැහැ. මගේ දෙමව්පියෝ තරම් ලොකු කෙනෙක් නැහැ. ඒ දෙන්න වළෙන් නැගිටලා ආවත් මම දේශපාලනයට නම් සම්බන්ධ වෙන්නේ නැහැ. මට ඔය අපේ රටේ දේශපාලනය හරිම තිත්තයි. හරි අප්පිරියයි. රත්තරන් බන්දේසියක තියලා දුන්නත් මම ඒක බාරගන්නේ නැහැ. මේ රට විනාශ කරන්නේ මේ රටේ දේශපාලනය කරන අයයි. මට මගේ රස්සාව උතුම්. ප්‍රේක්ෂකයින්ට ඉතා ආදරෙයි. ඔවුන් නැත්නම් නිල්මිණි කෝට්ටේගොඩ කියලා චරිතයක් නැහැ. ඒ නිසා මේ රස්සාව මට හොඳටෝම ඇති.

හිතපු නැති මොහතෙක නිල්මිණීට කෝටි ගණනක විශාල ලොතරැයියක් ඇදෙනවා. එහෙම වුණොත් ඒ මුදලට මොකද කරන්නේ?

මම බලාපොරොත්තු එක්ක ගනුදෙනු කරන කෙනෙක් නෙමෙයි. බලාපොරොත්තු, අරමුණු තියාගන්න ඕනේ. හැබැයි ඒ දේවල් එක්ක අපේ අනාගතය ගනුදෙනු කියන දේ කරන්න ගියොත් අපි ඒ තරම් කරන මෝඩ වැඩක් තවත් නැහැ. මම නොලැබුණු දේවල් ගැන හීන මාලිගා හදන්නේ නැහැ. ඒ නිසා ලොතරැයියක් ලැබුණට පස්සේ මම ඒ කරන දේ තීරණය කරනවා.

ජීවිතේ වෙච්චි සමහර සිදුවීම් නිල්මිණීට අමතක කරලා දාන්න එක අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් අමතක කරලා දාන්නේ?

එහෙම අමතක කරනවා නම් එක සිදුවීමක් නෙමෙයි සිදුවීම් කිහිපයක්ම තිබෙනවා. ඒවා අමතක කරනවාට වඩා ඉබේම අමතක වෙනවා නම් මම කැමතියි. එහෙම ඒවා මතක් කර කර මැරි මැරී ජීවත් වෙන්න මම කැමති නැහැ. ඒ නිසා එහෙම එක අවස්ථාවක් ලැබුණොත් අපිට නොගැලපෙන මිනිස්සු අමතක කරන්න කැමතියි. නොගැලපෙන මිනිස්සු ළංකරගත්තහම නැති ප්‍රශ්න නැති කරදර ඇතිවෙනවා. හරිම අවස්ථාවාදී මිනිස්සු මේ සමාජයේ ඉන්නවා. මූනිච්චාවට හිනාවෙන ඒ අයගේ ඇතුළාන්තය හිස්. එවැනි බොරු මිනිසුන්ට මම ආසම නැහැ. ඒ නිසා එවැනි මිනිස්සුන්ව අමතක කරන්න මම කැමතියි.

කලා ක්ෂේත්‍රයට අමතරව වෙනත් ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් ඉගෙන ගන්න නිල්මිණීට අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් නියැලෙන ක්ෂේත්‍රය මොකක්ද?

කලා ක්ෂේත්‍රෙය් වයසට යනකම්ම මම රැඳෙන්න ආසයි. නමුත් ඇවිදගන්න බැරි ලෙඩ රෝග තිබුණොත් මේ ක්ෂේත්‍රයේ රුඳෙන්න අමාරුයි. එහෙම වුණොත් අපි විසින්ම මේකෙන් බැහැර වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ වගේ ලොම් හැලි හැලී මේ ක්ෂේත්‍රයේ ඉන්න අදහසක් මගේ නැහැ. දැන් පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම ඉන්නේ බඩගෙඩි තියෙන අයයි. ඒ නිසා මට කලාව කරගන්න බැරිවුණොත් මම ඇඳුම් නිර්මාණය කරනවා. අපේ නෑනලත් කරන්නේ ඒකයි. එහෙම වුණාම කාටවත් යටත් වෙන්න ඕනිත් නැහැ. ඒක හැමදාම ඕනේ රස්සාවක්නේ. ඔය අලුත් අවුරුදු කාලෙට සාප්පුවලට මිනිස්සු ඇඳුම් ගන්න එන්නේ අවුරුද්දම ඇඳුම් නැතිව හිටියා වගෙයි. ඒ නිසා ඇඳුම් මහලා මම කීයක් හරි හොයාගන්නවා.

මේ තියෙන හැකියාවත් එක්ක අධ්‍යක්ෂණයට පිවිසෙන්නට අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ?

මම අධ්‍යක්ෂණය ගැන දන්නේ නැති අය එක්කත් වැඩ කරලා තියෙනවා. අධ්‍යක්ෂකකම බන්දේසියක තියලා දුන්නත් මම බාරගන්නේ නැහැ. මේ අධ්‍යක්ෂණය කියන තනතුරේ බොහෝ දේවල් ඉගෙනගන්න තියෙනවා. ඒක පුළුල් විෂයයක්. ”ඇක්ෂන්”, ”කට්” කිව්ව පමණින් අධ්‍යක්ෂණය වෙන්නේ නැහැ. ඒ ගැන බොහෝ දේවල් ඉගෙන ගන්න තිබෙනවා.

අද බොහෝ දෙනා මේ පවතින ආර්ථික ප්‍රශ්න නිසා විදෙස් රටවලට යනවා. නිල්මිණීටත් හොඳ විදෙස් රටක, හොඳ රැකියාවකට, හොඳ වැටුපකට යන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ?

එහෙම හොඳ වැටුපක් ලැබෙන හොඳ රැකියාවක් ලැබුණොත් ටික කාලයකට මම ඒ රැකියාව බාර ගනීවි. මම මේ රටට ආදරෙයි. මේ රට දාලා යන්න බැහැ. නමුත් කලකිරීම් ටිකක් තිබෙනවා. ඒ නිසා මේ රට දාලා ඒ රටට ගිහින් වැඩකරලා ආයෙත් මේ රටටම එනවා.

දිශානි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්