Jul
4

රෝස් චිකන් පලුවයි බිම බෝතලෙකුයි අරන් පාසල් ගිය සුරූපී නිලි කාවින්ද්‍යා ගෙවන සැප ජීවිතේ

 
8903 Views
   
 

කාවින්ද්‍යා දුල්ෂානිව මේ දිනවල නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා. ඇය මේ වෙද්දී නිර්මාණ එක්ක කාර්යබහුල නිළියක් වෙලයි ඉන්නේ. පුංචි කාලේ නීතිඥවරියක් වෙන්න බලාපොරොත්තු වුණු කාවින්ද්‍යා අහම්බෙන් නිළියක් වෙලා ජනතාවගේ ආදරේ ලබනවා. ඇය ගැන ඇයට වඩා දන්නේ ඇයගේ ආදරණිය අම්මා කිව්වොත් හරි. ඒ නිසා කාවින්ද්‍යා ගැන කතා කරන්න ඇයගේ මව ඉන්දිකා කුමාරිව අපේ කතාබහකට එකතු කරගත්තා. මේ ඒ කතාබහ ගැනයි.

කාවින්ද්‍යා දුල්ෂානිව බොහෝ දෙනෙක් හදුන්වන්නේ අහිංසක යුවතියක් විදිහට, නමුත් අපිට දැනගන්න ලැබුණා පුංචි කාලේ ඇය දඟකාර, හිතුවක්කාර චරිතයක් කියලා, ඇත්තම ඇය මොන වගේ චරිතයක්ද කියලම අපි අපේ කතාබහ ආරම්භ කරමු..අපිට ඉන්නේ දුවලම හතරදෙනෙක්. ලොකු දුව තමයි කාවින්ද්‍යා. අනිත් දුවලට වඩා මෙයා හැමදෙයකටම දක්ෂයි. නර්ථනය කළා, ක්‍රීඩා කටයුතු වලට සම්බන්ධ වුණා. ස්ටේජ් එකකට නැගලා පිරිසක් ඉදිරියේ නර්ථනයේ යෙදෙද්දී එයාගේ වයස අවුරුදු 4ක් විතර ඇති. සබකෝලය නැහැ. නමුත් හරිම දගකාර චරිතයක්. ඉස්සර ස්කූල් වෑන් එකට නගින්නේ රොස්ට් චිකන් පලුවයි, බිම එකකුයි දුන්නොත් තමයි. ඒ දෙක අරන් නොදුන්නොත් වෑන් එකට නගින්නේ නැහැ. බිම පෙරළිලා අඬනවා. ඉස්කෝලෙදි පිරිමි ළමයි මාව දැක්කොත් ලඟට ඇවිත් කියනවා ඇන්ටි මෙයා මට ගැහුවා, කරදර කරා කියලා. පිරිමි ළමයින්ටත් ගහලා තියෙනවා. පිරිමි ළමයින් පවා බයයි. ගුරුවරුත් කියනවා එයා හරිම දගයි කියලා. එයා ගැහැණු දරුවෙක් නිසා ඊට පස්සේ අපි ඒ ඉස්කෝලෙන් අයින් කරගෙන දොම්පේ දේවි බාලිකාවට දැම්මා. ඒ පාසලෙත් එයා එක එක දේවල්වලට දක්ෂතා දැක්වුවා. කාලයත් එක්ක දග වැඩ අඩු වුණත් නංගිලා එක්ක එහෙම තවම රණ්ඩු වෙනවා, පුංචි කාලේ නංගිලාට මොනා හරි ගෙනත් දුන්නොත් එයාලට වඩා වැඩි මුදලක දෙයක් තමයි කාවින්ද්‍යාට ගෙනත් දෙන්න ඕන. නැත්තම් නංගිලා එක්ක රණ්ඩු වෙනවා.

අවුරුදු 24ක යුවතියක් දැන්, තවමත් වගකීම් විරහිතවද වැඩ කරන්නේ..නැහැ. දැන් එයා වගකීමක් එක්ක වැඩ කරන්නේ. මොන දේ කරන්න ගියත් හිතලා බලලා තමයි ඒ වැඩේ කරන්නේ. නංගිලා තුන්දෙනා ගැන වගේම මම ගැනත් එයාගේ තාත්තා ගැනත් හිතනවා. දුව වැඩිපුරම ආදරේ මට.ඇයගේ හඳහනේ තිබුණද ඇය ජනප්‍රිය චරිතයක් වෙනවා කියලා..අපි හඳහන් බැලුවා. හඳහනේ තිබ්බේ ප්‍රසිද්ධ වෙනවා කියලා. එයා කරාටි වගේම නෙට් බෝල් ක්‍රීඩා කළා. ක්‍රිකට් ක්‍රීඩා කළා. අපි හිතුවා ඒ පැත්තෙන් එයා ඉදිරියට ගිහින් ප්‍රසිද්ධ වෙනවා ඇති කියලා. රඟපෑම ගැන නම් අපි කාගේවත් හිතක කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. මගේ බලාපොරොත්තුව තිබ්බේ එයාව නීතිඥවරියක් කරන්න. 2015 වර්ෂයේ තමයි උසස්පෙළ කරන්න හිටියේ, කලාව නිසා ඒ හීනය සැබෑ කරගන්න බැරි වුනා.

ඒ කියන්නේ ඇය කලාකාරිනියක වෙනවාට ඔබ හා ඇයගේ පියා අකමැති වුණා කියන එකද..මම නම් කැමති වුනේ නැහැ. නමුත් එයාගේ තාත්තා තමයි එයාගේ පස්සෙන්ම හිටියේ. ප්‍රවීණ රංගන ශිල්පී නෙතලි නානායක්කාර මහත්මිය තමයි මට මේ ක්ෂේත්‍රය ගැන කියලා දුන්නේ. හොඳ වගේම නරක කියලා දුන්නා. දුවව පරිස්සමින් බලාගන්න කිව්වා. දුව දක්ෂ නිසා එයාට අවස්ථා දෙන්න කිව්වා. ඇයගේ කතාබහ එක්ක මම මේ ක්ෂේත්‍රය ගැන තේරුම් අරගෙන දුවට උදව් කළා. නමුත් දැන් මම දුව ඉන්න තත්වය ගැන හරියට සතුටු වෙනවා. එයාට ලැබෙන ප්‍රතිචාර ගැන වගේම එයාගේ දක්ෂතා දකිද්දී මේ මගේ දුවද කියලා හිතෙනවා. මම අවුරුදු කිහිපයක්ම දුව එක්ක රූගත කිරීම් වලට එකදිගට ගියා. දැන් නම් දුව තනියම යන්න පුරුදු වුනා. එයාට ප්‍රවීණ කලාකරුවන්ගෙන් උදව් ලැබෙනවා. ඒ ගැනත් සතුටුයි.ඇය රඟපාන නිර්මාණ පවුලේ අය නරඹනවාද..ඔව් බලනවා. එයා රංගනය කවදාවත් හදාරලා නැහැ. දැන් තමයි ඉගෙන ගන්නේ ඒ පැත්තෙන්. නමුත් එයාගේ රඟපෑම් දක්ෂයි කියලා මට හිතෙනවා. වෙලාවකට හිතෙනවා මේ මගේම දෝණිද කියලත්. ඒ තරම් එයා දැන් වෙනස් වෙලා.දෝණි දැන් ජනප්‍රිය නිසා ආදරය කරන්න විවාහ වෙන්න එහෙම යෝජනා එනවා ඇති නේද..එයාට හරියට යෝජනා එනවා. නමුත් එයාට දැන් හොඳ අවබෝධයක් තියෙනවා, මොනවාද කරන්නේ, මොන වගේ තීරණද ගන්න ඕන ආදරේ කරනවද නැද්ද කියලා.

ජනප්‍රිය නළුවන්ගෙන් එහෙමත් ආදරයට ඇයට ඇරයුම් ලැබිලා ඇති, එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක් නේද..ජනප්‍රිය නළුවන්ගෙන් පවා ආදර යෝජනා ඇවිත් තියෙනවා, නමුත් එයා කැමති නැහැ ෆීල්ඩ් එකේ එක්කෙනෙක් එක්ක විවාහ වෙන්න. එයා හැමදේම මට කියනවා. ආදරේ ගැනත් කතා කරනවා.විවාහ වුණාට පස්සේ ඇය රංගනයෙන් ඉවත් වෙන්න ඕන, පවුලට මුලිකත්වය දෙන්න ඕන කියලා කාවින්ද්‍යාගේ මව විදිහට ඔබ හිතනවද..

ඔව්. මම දුවට නිතරම කියන පවුලක තියෙන වටිනාකම, විවාහ වෙලා දරුවෝ ලැබුණාම වගකීම් වැඩියි. ඒ ජිවිතේට මුලිකත්වය දෙන්න ඕන. ඒ නිසා මම කැමතියි මගේ ලොකු දෝණි විවාහ වුනාට පස්සේ ගෘහනියක් විදිහට පවුලට මුලිකත්වය දීලා පවුල රැකගන්න වෙහෙස ගනීවි කියලා.

ජනප්‍රිය බොහෝ දෙනා කලාව එක්ක කාර්යබහුල වෙද්දී පවුල් දෙකඩ වෙන තත්වයකට පත් වෙනවා. ඒ වගේ හේතු නිසාද ඔබත් ඇයට කියන්නේ විවාහයෙන් පස්සේ කලාවෙන් ඈත් වෙන්න කියලා..කලාකරුවන් දික්කසාද වෙන්න හේතුව නම් ප්‍රසිද්ධයි කියලා ඔළුව උදුම්මාගෙන ඉන්න නිසා වෙන්න ඇති කියලා මම හිතන්නේ. සාමාන්‍ය මිනිස්සු වගේ පොළොවේ පයගහලා ජිවත් වෙන්න ඕන. පවුලට මුලිකත්වය දෙන්න ඕන. ජනප්‍රිය පවුල් විතරක් නෙමෙයි දික්කසාද වෙන්නේ. ඔය හේතුවම නෙමෙයි. නමුත් විවාහයේ වගකීම් ගන්න නම් කලාව අත්හරින්න ඕන කියලයි මම නම් කියන්නේ.

ඇයට පාසල් ප්‍රේමයක් තිබුනේ නැද්ද..එයා සාමාන්‍ය පෙළ කරන කාලේ එයාගේ යාලුවෙක්ගෙ අතේ පිරිමි ළමයෙක් පොතක දාලා වෙසක් කාඩ් එකක් දීලා තිබ්බා. එදා දුව ගෙදර ඇවිත් හැසිරුණු විදිහ සැහෙන වෙනස් බයෙන් වගේ හිටියේ. මට ඉන්නේ ගැහැණු දරුවන් හතර දෙනෙක්ම නිසා මම දුවලා ගැන ඇහැගහගෙන ඉන්නේ. එදා දුවගේ වෙනස මට තේරුනා. සාමාන්‍යයෙන් මම ඉස්කෝලේ ගිහින් ගෙදර ආවම එයාලගේ බෑග් චෙක් කරනවා. ඒ විදිහට බෑග් එක චෙක් කරද්දී තමයි පොතක තියලා වෙසක් කාඩ් එක මට හම්බුනේ. මම කොටුවක් අරගෙන එයාගෙන් ප්‍රශ්න කළා. එයා බය වෙලා වුනු දේ කිව්වා. ඊට පස්සේ උසස්පෙළ කරන කාලේ මගේ අනුදැනුම එක්ක පිරිමි දරුවෙක් එක්ක සම්බන්ධයක් තිබ්බා. මම එයාට අවවාද කළා මුලින්ම ඉගෙන ගෙන දෙවනුව ඒ ගැන හිතන්න කියලා. නමුත් නීතිරීති දැම්මේ නැහැ ආදරය විදින වයසක ඈ හිටපු නිසා. නමුත් ඒ සම්බන්ධය නැති වෙලා ගියා. දැන් නම් එහෙම සම්බන්ධයක් නැහැ කියලා මම හිතනවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්