Aug
31

වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැඟවීම, අධිම මිලට විකිණීම ත හ න ම්

 
367 Views
   
 

වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැඟවීම, අධික මිල ගණන්වලට අලෙවි කිරීම ත හ න ම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නී ති රෙගුලාසි පනවනු ලැබුවා. මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් මේජර් ජෙනරාල් එම්.ඩී.එස්.පී. නිවුන්හැල්ල පත්කොට තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ද අතිවිශේෂ ගැසට් නිවේදනය ද ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා. මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව, අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ නී ති රෙගුලාසි මෙලෙස ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනයක් මඟින් දැනුම් දුන්නා. වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම, අධික මිල ගණන් අයකිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කරන වෙළඳපොල අක්‍රමිකතා වැ ළැ ක් වී ම සඳහායි මෙම නව රෙගුලාසි පනවා ඇත්තේ.

ඒ අනුව රජයේ සහතික මිලක් හෝ රේගුවේ දී ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන වී, සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිල දී ගෙන ජනතාවට සාධාරණ මිල ගණනකට ලබාදීමට බලයලත් නිලධාරීන් කටයුතු කිරීමටත්, රාජ්‍ය බැංකුවලින් තොග මිල දී ගැනීමට ලබා දී ඇති ණය, ණය ලබාගත් අයගෙන් අයකරගැනීමටත්, හැකිවන පරිදි මෙය ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්