Mar
8

” ඒ ආදරය අදටත් සමහර තැන්වලදි මට මතක් වෙනවා, අවුරුදු හයක් ආදරේ කරලත් එයා මාව දාලා ගියා” ජනප්‍රිය නිළි පබසරා මධුෂානි

 
1090 Views
   
 

පබසරා මධුෂානි කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් සුන්දර චරිතයක්. ඇය මෙරට කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියක ලෙසින් වගේම නිවේදිකාවක ලෙසත් කටයුතු කරනවා. කොහොම නමුත් පුංචි තිරයෙන් රසිකයින් අතරට ඇවිත් අති විශාල ජනතා ආකර්ෂණයක් දිනාගත් ඇයව මේවෙනකොට ලංකාවේ නොහදුනන කෙනෙකු නැති තරම්. ඒ තරමට ඇය අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියයි

කෙසේවෙතත් පුංචි තිරය තුළින් නිරන්තරයෙන් දැකගන්නට ලැබුණු ඇය පහුගිය දිනක පුවත්පත් සාකච්ඡාවකට එකතුවෙලා තිබුණා. එහිදී ඇය ඇගේ ජිවිතයේ අලුත්ම තොරතුරු ගැන කියල තිබුනේ මෙලෙසයි

පබසරා කියන්නේ මේවෙද්දී මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් සුන්දර රංගන ශිල්පිනියක්. ඉතින් කලාව තුළ ජීවත් වෙන ඔබ දවසක කලාව තුළ ප්‍රතික්ෂේප වුනොත් ?

කවදාහරි දවසක මම කලා ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේප වුනොත් මම අනිවාර්යෙන්ම විදෙස් ගත වේවි. කොහොමත් මම ලංකාවට වඩා පිටරට ජීවත් වෙන කෙනෙක්. හැම අවුරුද්දකම වගේ මම පිටරට යනවා. වැඩිපුරම කොරියාවට තමයි යන්නේ. සමහර වෙලාවට මම කලා ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේප වුණත් මම කාටවත් නොකියා ගිහින් එහි පදිංචි වේවි

පබසරාට කවදාහරි දවසක නොකරපු වරදකට දඩුවම් ලැබුනොත් ?

එහෙම දෙයක් සිද්ධ වුනොත් මම කරන්නේ නිහඬව බලාගෙන ඉන්න එක. මොකද ගොඩක් ප්‍රශ්න වලට හොඳම විසඳුම නිහඬ වීමයි. පහුගිය කාලය තුළත් මම නොකරපු වරදවල් වලට අහුවුන කෙනෙක්. ඒ අවස්ථාවේදීත් මම කළේ නිහඬව බලාගෙන හිටපු එක. මම කර්මය කියන දේ ගොඩක් විශ්වාස කරන කෙනෙක්. අපි වරදක් කරල නැත්තම් අපිට කවද හරි දවසක හරියනවා. අනික මම ප්‍රශ්නයක් ආවහම කරන්නේ ගොඩක් තනිවෙන එක

මේවෙනකොට ජනප්‍රිය චරිත රැසක් දේශපාලනයට යොමුවෙනවා. ඉතින් ඔබට දවසක දේශපාලනයට එන්න අවස්ථාවක් ලැබුණොත් ?

මට දේශපාලනයට එන්න අවස්ථාවක් ලැබුණොත් මම ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කරනවා. කන්න බොන්න නැතිව හිටියත් මම දේශපාලනයට සම්බන්ධ වෙන කෙනෙක් නෙවෙයි. මට ලංකාවේ දේශපාලනය ගැන සුබවාදී යහපත් ආකල්පයක් නෑ. ඒ නිසා කවදාවත් ඒ ක්ෂේත්‍රයට නම් මම යොමු වෙන්නෙ නැහැ

 ඔබට ජීවිතේ යම් සිදුවීමක් අමතක කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාවේ ඔබ අමතක කරන්නේ මොන සිදුවීමද ?

මම අවුරුදු හයක් කෙනෙකුට ගොඩක් ආදරේ කළා.ඇත්තටම එයාට මම වචනෙන් කියන්න බැරි තරමට ආදරේ කළා. ජීවිතයේ අදටත් සමහර තැන් වලදී මට ඒ ආදරය මතක් වෙනවා. අවුරුදු හයක් ආදරේ කරලත් එයා මාව දාලා ගියා. මට සිදුවීමක් අමතක කරන්න අවස්ථාවක් ලැබුණොත් මම අනිවාර්යෙන්ම අමතක කරන්නේ ඒ ආදරයත් එක්ක ගෙවපු කාලය. ඒ අවුරුදු ගානටම මා ලද ප්‍රේමයක් නැත. මා කළ ප්‍රේමයක් ඇත

අවසාන වශයෙන් වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්වයත් එක්ක ඔබට විදෙස් ගත වෙන්න අවස්ථාවක් ලැබුණොත් ?

දෙපාරක් නොහිත අනිවාර්යෙන්ම මම විදෙස් ගත වේවි. එහෙම වුනොත් අනිවාර්යයෙන් මම මේ රට දාල යනවා කියන තැන තමයි ඉන්නේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්