Aug
13

රට වහනවානද නැ ද්ද? තීරණය ලැබෙන හැටි

 
1910 Views
   
 

රටපුරා පාලනයකින් තොරව සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ කොවිඩ් ම ර් ද න කාර්ය සාධන බලකාය අද (13) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාව අද පෙරවරු 11ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙහිදී උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්යෙන් වැඩිදුරටත් සකාකච්ඡා කෙරෙනු ඇති.

මේ වන විට රට පුරා ශී ඝ්‍ර යෙ න් පැතිර යන කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා දැඩි සංචාරණ සීමා පනවා රට වසා දැමිය යුතු බවට සෞඛ්‍ය අංශ දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් අද පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිළධාරියෙකු කියා සිටියේ මෙම සාකච්ඡාවේදී සංචරණ සීමා තවත් වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවටයි.

ජනතාවගේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය කරන මූලික පසුබිම සකසා සියලු ආකාරයේ ඒකරාශී විම් තහනම් කිරීම්ට මෙම සාකච්ඡාවේදී බොහෝ දුරට තීරණය කෙරෙනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කළේ.

කෙසේ වෙතත් පවතින වාතාවරණය අනුව රට සහමුලින් වසා දැමීමට තවමත් සූදානමක් නො මැ ති බවත් ඔහු පෙන්වා දුන්නා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්