Dec
20

මුලතිව්හිදී මිය ගිය 12 හැවිරිදි දැරිය ගැබිණියක් බව හෙළි වෙයි

 
2012 Views
   
 

මුලතිව් පුදුකුඩිඉරිප්පු මූංකිලාරු ප්රදේශයේදී මිය ගොස් සිටයදී සොයාගත් 12 හැවිරිදි දැරිය ගැබිනියක් බවට පශ්චාත් ම’ රණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

එමෙන්ම අදාල දැරියගේ කළලය ඉවත් කිරීමට යාමේදී සිදු වූ අධික රුධිර වහනයක් හේතුවෙන් දැරියගේ ම’ රණය සිදුවන්නට ඇතැයි පශ්චාත් මරණ පරික්ෂණ වාර්ථාවේ සඳහන්ව ඇත.

යෝගරාසා නිදර්සනා දැරිය පසුගිය 15 වන දා අතුරුදහන්ව ඇති බවට දැරියගේ ඥාතීන් පුදුකුඩුඉරිප්පු පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව ප්රදේශවාසීන් සිදුකරන ද සෝදිසියකදී නිවසට මීටර් දෙසීයක් පමණ වූ කැලෑබද ප්රදේශයක තිබී දැරියගේ මළ සිරුර පසුගිය 18 වනදා සොයාගනු ලැබුවාය.

දැරියගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇති අතර දැරිය ගැබිනියක් වූ දැරියගේ කලලය ඉවත් කිරීමට ගත් උත්සාහයකදී සිදුවූ කැපුම් තුවාලවලින් අධික ලේ වහනය වීමකින් දැරිය ම’ රණයට පත්වී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

මෙම දැරියගේ ම’ රණය සම්බන්ධයෙන් මේ වන විට එක් අයකු අත් අඩංගුවට ගෙන ඇති අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් පුලුල් පරීක්ෂණයක් අරඹා ඇතැයිද පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුරටත් පැවසීය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්