Jun
23

දැඩි සත්කාර ඒකකවල කොවිඩ් රෝගීන් 135ක්

 
1291 Views
   
 

කොවිඩ් රෝගීන් 135 දෙනෙකු මේ වනවිට රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය. අද (23) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අනාවරණය කරමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

අද වනවිට මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,704 දක්වා ඉහළ ගොස් තිබේ. කොවිඩ් පළමු සහ දෙවැනි රැල්ලේදී මියගිය සංඛ්‍යාව 609 ක් වුවත් තෙවැනි රැල්ලේ මරණ ඉතා සැළකිය යුතු ලෙස ඉහළ ගියේය. ඒ අනුව අලුත් අවුරුදු සමයෙන් පසු කොවිඩ් තුන්වැනි රැල්ලේදී වාර්තා වූ මරණ සංඛ්‍යාව 2,095 කි.

මෙවැනි පසුබිමක පසුගිය 13 වැනිදා සිට 20වැනිදා දක්වා සිදුවූ කොවිඩ් මරණ, සාමාන්‍යය දිනකට 50ක් පමණ වේ. නමුත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ ජුනි 21 වැනිදා සිදුවූ මරණ සංඛ්‍යාවත් සමග කොවිඩ් මරණ සංඛ්‍යාව මෙලෙස ඉහළ යයි.

සති 3කට ආසන්න කාලයක් දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මක වෙද්දී කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යෑම ගැටලු සහගත තත්ත්වයකි. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මාවනැල්ලේ ඇතැම් ප්‍රදේශ හුදකලා කිරීමට පියවර ගෙන නොමැති බවට විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

රුපියල් මිලියන 250 ක වටිනාකමකින් යුත් කළුතර නාගොඩ මහ රෝහලේ ස්ථාපිත ”හෘද කැතීටරීකරණ රසායනාගාරය අද විවෘත කෙරුණි. එම අවස්ථාවට එක්වූ සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන පාර්ශවවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය. මේ අතර අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණි. ඒ අනුව බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60ට වැඩි ජනතාව වෙත එන්නත් ලබාදීම අද සිදුවිය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්