Jan
3

හුබස් බිය සහ ඩොලර් බිය

 
562 Views
   
 

2021 වසර අවසානයට ලඟාවෙමින් පවතින මොහොතක අපගේ රට විදෙස් සංචිත හිඳී zero වන බවට විපක්ෂ නායකවරයා පැවසීම ඔහුගේ ලාමක දේශපාලනය හුවා දක්වන්නක්ම විය.. . රටකට ආදරය කරන පරිණත නායකයෙකු නමි කිසිවිටක තම පැවැත්ම සඳහා පමනක් රටක ජාත්යන්තර ප්රතිරෑපයට හානිකර හුදු ආත්මාර්ථයම කැටිකර ගත් මෙවන් ප්රකාශ නොකරනු ඇතිය. ආර්. ප්රේමදාස මහතාටත් මෙම හීනමාන ස්වරෑපය තිබුන අතර මහමග මියයාමට පවා සිදුවූයේ එහි උචිචස්තානයකට පැමිනීමෙිදීය..

මෙම වසර අවසානයට පෙර විදෙස් සංචිතය ඩො. බි.3.3 ක් ඉක්මවන බව මහ බැංකුව නිලවශයෙන් ප්රකාශ කලේ දෙසැ 22 දාය එසේ තිබියදීත් විපක්ෂ නායකවරයා සිදුකල ප්රකාශය ද්වෙිශ සහගත බොළද නොහොබිනා ප්රකාශයකි. පරිචයක් ඇති රනිල් මූල්ය කළමනාකරනය ගැන දැනුමක් ඇති නිසා කිසිවිටෙක මෙවන් හුදු ආත්මාර්තකාමී ප්රකාශ නොකරනු ඇති. අපගේ විදෙස් විනිමය සංචිත මෙිවන විට ඩො. බි. 3.3 ද ඉක්මවා ඇත….එය රටක සුරක්ෂිත බව දනවන්නකි… මෙය සිදුවූයේ කෙසේද යත් ….

රටකට සංචිත එකතුවන හැටි. 1) ද්වී පාර්ශවීය ණය හුවමාරැ පහසුකමි සහ ණය. 2) බහු පාර්ශවීය අඩු පොලී ණය. 3) එකාබද්ධ ජාත්යන්තර ආයතනවලින් අඩු පොලී ණය පහසුකමි 4) රාජ්ය නායක මටිටමෙන් ලබාගන්නා ආධාර සහ ණය. 5) දේශිය ණය හුවමාරැ. 6) සංචාරක ව්යාපාරය.(වසරකට ඩො.බි. 5ක්)අවම වශයෙන්. 7) විදෙස් ප්රේෂණ අපනයන ආදායම. 9) ආනයන අපනයන පරතරය අඩුකිරීම.. 10) දේශීය නිෂ්පාදන වර්ධනය. 11) කෘෂි නිෂ්පාදන ධාරිතාව ඉහල නැංවීම.. 12) තිරසාර මූල්ය කළමනාකරනය… පසුගිය කාලයේදී විදෙස් සංචිත හිඟවීමට, ගෙවීමට තිබූ විදෙස් ණය පියවීම ප්රධාන හේතුවක් විය.

එපමනක්ද නොව කොවිඩි ව්යසනයත් අසාමාන්ය ලෙස බලපෑ අතර එය හිගන්නාගේ පාත්තරයට හෙනහුරා පාත්වීමක්ම විය. මෙවන් බරපතල තත්වයකට මුහුන දුන් ජනපති ගෝඨාභය ව්යසනයෙන් ජනතාව බෙිරා ගැනීමට ප්රමුඛ තාව ලබාදුනි. ඉන්පසු ආර්ථික ව්යසනයෙන් රට ගලවා ගැනීමෙි වගකීම දැනට ලංකාව තුල සිටින මෙතෙක් උපායමාර්ගිකව සාර්ථකවූ එකම මහ බැංකු අධිපතිවරයාවූ අජිත් නිවාඩි කබිරාල්හට පැවරීය. හෙතෙම ස්වකීය හැකියාව නොමදව ප්රදර්ශනය කරමින් විදෙස් සංචිතය ඩො. බි. 3.3 දක්වා ගෙන ඒමෙන් රට ගලවාගෙන ඇත.

ඉදිරියේත් ගෙවිය යුතවූ සියළුම විදෙස් ණය ගෙවන බවත් රටෙි ඩොලර් සංචිතය යථාවත් කරන බවත් හෙතෙම ප්රකාශ කලේය. රොනීද මැල් මහතා මුදල් ඇමතිවරයාව සිටි යුගයේ පටන් මෙි දක්වා බිහිවුන සියළුම මුදල් ඇමතිවරැන් සමග කටයුතු කල රාජ්ය නිළධාරියකු වශයෙන් වසර 40කට ආසන්න පරිපාලන අත්දැකීමි සහිත මා මෙි පිළිබදව මවිත වූයේ වත්මන් මහබැංකු අධිපතිවරයාගේ එම සුපිරි හැකියාව ගැනය. ඉදින් කිසිවෙකු ඉදිරිය ගැන බිය විය යුතු නැත්තේමය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්