Aug
19

ටොසී…උසි උසි !

 
837 Views
   
 

කො රෝනා රෝගීනට ලබා දෙන ‘ටොසී’ නම් ඖෂධය හි ඟ බවත් ඒවා වහාම ගෙන්වීමට පියවර ගත යුතු බවත් කියමින් සමාජ මතයක් ගොඩනැගීමට සජිත් මහතා ක්‍රියා කළේය. මෙය ඇ වි ළෙ න ගි න් න ට පිදුරු මිටියක් දැමීම වැනි කාරණයකි. ජනතාව ‘ටොසී’ නම් ඖෂධය හඹා යන්නටත් ඒවා ගෙන්වන්න යැයි බ ල ධාරින්ට බ ල පෑම් කරන්නටත් පටන් ගත්හ. මේ වනාහී නිෂ්කාරණේ මහජනයා කු ල ප්පු කිරීමකි.

‘ටොසී’ යනු නියුමෝනියාව අධික වූ විට ලබා දෙන ඖෂධයකි. එම ඖෂධය භාවිත වන්නේ කලාතුරකින්ය. කො රෝනා රෝගීන්ගෙන් සියයට එකකට පමණ එම ඖෂධය ලබා දීමට සිදු වන බව කියති. ඊට අවශ්‍ය ඖෂධ ඇති තරම් පවතින බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත. සජිත් මහතා සමාජය තුළ අනියත බි ය ක් ඇති කළේ ඖෂධ ගැන නො ද න් නා නිසා ද? විපක්ෂ නායකතුමා ඖෂධ ගැන දැන ගත යුතු යැයි අප කියන්නේ නැ ත. ඔහු ජීව විද්‍යාව හෝ රසායන විද්‍යාව හෝ උගත යුතු යැයි අප කියන්නේ ද නැ ත. එහෙත් ආ ප දා අවස්ථාවකදී යම් අදහසක් සමාජ ගත කරන්නට පෙර ඒ ගැන හොඳින් සොයා බැලිය යුතුය.

නො දන්නා දේවල් දැන ගැනීම සඳහා භාවිත කළ හැකි උපාය මාර්ග ඕනෑ තරම් තිබේ. ඒවා භාවිත කර නිවැරැදි මතයක් පළ කරන්නට සජිත් මහතා ඉගෙන ගත යුතුය. මීට පෙර ‘පැකනිල්’ නම් ඖෂධ වර්ගයක් ගැන කතා කරන්නට ගොස් ද ඒ මහතා සවුත්තු විය. ‘ටොසී’ නම් ඖෂධය පිළිබඳ හොඳ විස්තරයක් ඉදිරිපත් කළ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විපක්ෂ නායකතුමාට හොඳ පිළිතුරක් ලබා දුන්නේය. ඒ කතාව අසන්නට සජිත් මහතා සභා ගර්භයේ රැඳුණේ නැ ත.

මේ සිද්ධි දාමයට යටින් ඇති කතාව එක අතෙකින් භ යා න ක ය. තව අතෙකින් කනගාටුදායකය. විපක්ෂයේ අසුන්ගෙන ඇති සියලු පක්ෂ සේම පාර්ලිමේන්තුවෙන් බැ හැ ර ව ඔවුනට සහයෝගය ලබා දෙන සංවිධාන හා සමිති ද පවතින වසංගත තත්ත්වය ප්‍රයෝජනයට ගෙන සිය දේශපාලනය කරගෙන යති. අද වනවිට මේ කණ්ඩායමේ දේශපාලනය බවට පත් වී ඇත්තේ ආණ්ඩුව විවේචනය කිරීම පමණි. කො විඩ් එන්නත, රෝහල්වල ඇඳන් ගණන, දෛනික කො විඩ් ම ර ණ, ආ සා ධි ත යන්ගේ ප්‍රමාණය, ඔක්සිජන් යනාදී සියල්ල මේ දේශපාලකයන්ගේ බයිට් එක බවට පත් වී ඇත. අනෙක් ප්‍රධාන ගැටලුව රට විවෘත කර තැබීමය. විපක්ෂය රට විවෘත කළ විට එය වසා දමන්නට කියයි. වසා දැමූ විට රට අරින්නට කියයි.

‘රටේ අවසන් පුරවැසියාටත් එන්නත ලැබෙන තුරු තමන් කො විඩ් එන්නත ලබා ගන්නේ නැ තැ’යි ප්‍රතිඥාවක් දුන් විපක්ෂ නායකතුමා අමෙරිකාවේ ෆයිසර් එන්නත් ගෙන් වූ සැණෙන් එය විද ගත්තේය. විපක්ෂයේ බොහෝ දෙනා මේ වන විට එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන කරබාගෙන සිටිති. මේ අතර මුජිබර් රහුමන් මන්ත්‍රීවරයා හැම විටම හඹා යන්නේ එන්නත්වල මිල ගණන් සෙවීමටය. එන්නත සඳහා රටවල් අතර ඇති තරගය ගැන ඔහු දන්නේ නැ ත. එන්නත් ලබා ගැනීමට ඇති අ ප හ සු ව ගැන හැඟීමක් ද ඔහුට නැ ත. ජනාධිපතිවරයා පෞද්ගලිකවම මැදිහත් වී එන්නත් ලබා ගන්නා අතර ඒ පිළිබඳ වචනයක් කතා කිරීමට විපක්ෂය ඉදිරිපත් වන්නේ නැ ත.

ඔවුන් හැම විටම සැදී පැහැදී ඇත්තේ එන්නත්කරණයේ අඩුපාඩු සෙවීමටය. එය වගකීම් විරහිත දේශපාලන හැසිරීමකි. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හඹා යන්නේ කො වි ඩ් ම ර ණ සංඛ්‍යා දත්ත වෙතය. ඒවා වැරැදි යැයි ඔහු දිනපතාම කෑ ගසයි. ඔහුට ප්‍රශ්නයක් වී ඇත්තේ සංඛ්‍යා දත්තයන්ය. කො විඩ් සංඛ්‍යා දත්තවල වරදක් ඇ තො ත් ඒවා නිවැරැදි කර ගැනීම සඳහා පියවර ගත යුතුය. එහෙත් එය දැවෙන ප්‍රශ්නයක් නො වේ. සංඛ්‍යා දත්ත සැඟවීමේ වුවමනාවක් රජයට තිබිය නො හැ කි ය. ඒවා සැඟවීමෙන් ලැබිය හැකි ලා භ ය ක් ද නැ ත. සංඛ්‍යා දත්ත සැඟවීමේ හැකියාවක් ද නැ ත. ඒ සත්‍ය තොරතුරු මහජනයා වෙත ගලා යන මාර්ග ඇති බැවින්ය. වසංගතයක් ජය ගත හැක්කේ සාමුහික ක්‍රියාවලියක් මඟින් යැයි ඉතිහාසය අපට පාඩම් කියා දී තිබේ. එහෙත් සාමුහික වැඩපිළිවෙළකට සැබෑ වුවමනාවක් විපක්ෂයට නැ ත.
ඉන්දියාවේ හෝ ඉන්දුනීසියාවේ හෝ තත්ත්වයට ශ්‍රී ලංකාව පත් වී නැ ත. එහෙත් එබඳු තත්ත්වයක් මවා පෑමට විපක්ෂය උත්සුක වෙයි. ඒ අනුව නොයෙක් විවේචන, යෝජනා හා විවරණ ඉදිරිපත් කිරීමට විපක්ෂය ඉදිරිපත් වී ඇ ත. විපක්ෂ නායකතුමාගේ ඖෂධ ගැටලුව ද එම ක්‍රියාවලියේ එක් අවස්ථාවකි. ඔහුට එම ගැටලුවේදී හොඳටම වැරැදුණේය. සමාජ මාධ්‍ය ඒ වැරැදීම් හුවා දක්වමින් ඔහුට විහිළු කරයි. විපක්ෂ නායකතුමා විහිළුවට ලක් විය යුතු තැනැත්තෙක් ද?

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්