May
27

මම දිනා ගත්තු කිරුළ මගෙ ජීවිතේ ආභරණයක්

 
658 Views
   
The-crown-I-won-is-a-jewel-of-my-life  

2021 ‘මිස් රෝයල් ක්වීන්’ කිරූළ දිනාගත් මිහිරි තක්ෂිලා සමගින් මෙවර සාරවිට අපි කතා බහ කළේමු. දැනට නිරූපිකාවක් ලෙසද කටයුතු කරමින් සිටින මිහිරි කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට අපේක්ෂා කරමින්ද සිටියි. මේ දිග හැරෙන්නේ ඇයගේ කතාවයි.

මොකක්ද මේ පැජන්ට් එක? 

පැජන්ට් එක ගැන කිව්වොත් මේක  ‘මිස් රෝයල් ක්වීන්’  පැජන්ට් එක. මේ තරගය සංවිධානය කලේ ජාතික අධ්‍යක්ෂක දමිත් අංජු මහතා විසින්. මෙහි අවසන් වටයට තරගකාරියන් දස දෙනෙක් තරගවැදුණා.

මේ පැජන්ට් එකේ ඔබට ලැබුණ ජයග්‍රහණ මොනවද?

‘මිස් රෝයල් ක්වීන්’  තරගයේ  ‘මිස් රෝයල් ක්වීන්’  ලෙස  කිරුළ දිනා ගැනිමට මට හැකියාව ලැබුණා. ඒ වගේම ‘බෙස්එට්ක පොටෝජනික්ත්’ මිණි කිරූළත් මට දිනාගන්න පුළුවන් වුණා. මම  හිතනවා මේක මගේ ජීවිතේ ලබපු සුවිශේෂීම ජයග්‍රහණයක් කියලා.

මේ පැජන්ට් එකට සම්බන්ධ වුණේ කොහොමද?

මම තමයි අයදුම්පත්‍රය යොමු කළේ. ගොඩක් හොඳ ඉවෙන්ට් එකක් මේක. මම ගොඩක් ආසාවෙන් මුහුණ දුන් තරගයක් කිව්වොත් හරි.

මේ ඔබ ඉදිරිපත් වුණ පළමුවෙනි පැජන්ට් එකද?

ඔව්, මේ මගෙ පළවෙනි පැජන්ට් එක.  නමුත් මම 2018 ‘මිස් ඩයමන්මන්ඩ් ක්වීන්’ පැජන්ට් එකට අයදුම් කළා. නමුත්, මගෙ විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු නිසා ඒ තරගට සහභාගි වෙන්න බැරි වුණා, අවුරුදු කුමාරි තරග වලට වගේ නම් ඉදිරිපත් වෙලා නැහෑ,  ‘මිස් රෝයල් ක්වීන්’ පැජන්ට් එක තමයි මම සහභාගි වුණ පළමු පැජන්ට් එක.

පැජන්ට් එකට සම්බන්ධ වුණාම ගොඩ දෙනෙක්ගේ ඉලක්කය කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන එක?

ඔව්, මම පොඩි කාළේ ඉදන්ම කලාවට ආස කෙනෙක්,  ඉතින් මට මේ පැජන්ට් එක ලොකු රුකුලක් වුණා කලා ක්ෂේත්‍රය එක්ක අත්වැල් බැද ගන්න, ඒ වගේම මම දිනා ගත්තු කිරුළ මගෙ ජීවිතේ ආභරණයක්, මම දැනටමත් නිරූපන ක්ෂෙත්‍රයේ වැඩ කටයුතු කරගෙන යනවා,

ඒ කියන්කනේ ලා කටයුතුවලට ඔබ දැන් සම්බන්ධ වෙලා වැඩ කරනවා

ඔව්, දැනටමත් නිරූපන ක්ෂේත්‍රයේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නවා, එ වගේම නිරූපන කටයුතු වලට වගේම ට්වි කමර්ෂල් වලටත් දැන් ආරාධනා ලැබිලා තියෙනවා,

රඟපාන්න අදහසක් නැද්ද?

රගපාන්න කැමතියි, තවම ඒ සදහා ආරාධනා ලැබිලා නැහැ ,අවස්ථාවක් ලැබුණොත් තෝරා බේරා ගෙන ඒ සදහා යොමු වෙන්න බලාපෙරොත්තුවෙන් ඉන්නවා.

කවුද ඔබට උදව් කළේ?

විශේෂයෙන් සදහන් කරන්න ඕනී ‘මිස් රෝයල් ක්වීන්’ පැජන්ට් ජාතික අධ්‍යක්ෂක දමිත් අංජු මහතා, එ වගෙම මගේ පවුලේ අයත්, විශේෂයෙන් අම්මා, තාත්තාත්,මේ තරගයට අයදුම් කල අවස්ථාවේ සිට අවසානය දක්වාම මගෙ සියලු වැඩ කටයුතු වලට උදව් වුණේ මගේ පෙම්වතා, ඔහු නිසා තමයි මම මේ තරම් දුර ගමනක් ආවේ,  ඒ වගෙම ඇදුම් නිර්මාණ ශිල්පීනි ශංකි කුරුප්පු, ඡායාරූප ශිල්පී ධනා, වේශ නිරූපන ශිල්පී ධනුෂ්ක ප්‍රනාන්දු මේ අයත් මට ගොඩක් සහය වුණා.

බුද්ධික සේනාධීර

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්