Jun
12

අලුත් වූ පැරණි සගයෝ

 
1219 Views
   
 

යුක්‍රේනයේ නිශ්පාදනය කරන ලද ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් ගුවන් යානා තුනක් යුක්‍රේනයේ අලුත් වැඩියා කිරීමෙන් පසුව නැවතත් ඊයේ (11දා) ශ්‍රී ලංකාවට ගෙන එන ලදී.

ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් ශක්තිය ඉහළ නැංවීමේ අරමුණින් මෙම ගුවන් යානා අලුත් වැඩියා කටයුතු වෙනුවෙන් 2020 අගෝස්තු මස යුක්‍රේනය වෙත ගෙන යන ලදී.

මෙම ගුවන් යානා 1995 වසරේ නිෂ්පාදිත අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු සක්‍රීය මට්ටමේ පවතින විශාලම ගුවන් යානා වන්නේද මෙම අලුත් වැඩියා කරන ලද ගුවන් යානා තුනයි.

මෙම ගුවන් යානා මානුෂීය මෙහෙයුම් සමයේදී විශාල කාර්යයක් ඉටු කළත් 2014 වසරෙන් පසුව සක්‍රීය මට්ටමේ නොතිබුණි.

මෙම ගුවන් යානා ත්‍රිත්තවය සක්‍රීය වීමත් සමග ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් බලය සියයට 75කින් පමණ ඉහළ නැංවෙයි.

ඇන්ටනෝව් 32 ගුවන් යානා භාණ්ඩ හා මගීන් ප්‍රවාහනයට අමතරව පැරෂුට් භටයන් පුහුණු කිරීම ඇතුළු යු ධ අභ්‍යාස සඳහාද යොදා ගනු ලබන අතර දේශීය ප්‍රවාහන කටයුතු මෙන්ම අවශ්‍යතාවන් මත විදේශ රටවල් වෙත පියාසර කිරීමේ හැකියාව පවතී.

මෙම ගුවන් යනාවලට අමතරව ඇන්ටනෝව් 32 ගුවන් යානයක් හා සී 130 වර්ගයේ ගුවන් යානා දෙකක්ද නැවත සක්‍රීය මට්ටමට ගෙන ඒමේ මූලික කටයුතු අවසන් කර තිබේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්