Feb
9

පුෂ්පිකාගේ කිරුළ ඉවත් කිරීමෙන් අනතුරුව චන්දිමාල් ජයසිංහ මුල් වරට හෙලිකල කතාව

 
1065 Views
   
 

පසුගිය දින කිහිපය පුරාවට නිරන්තරයෙන් කතාබහට ළක්වු සිද්ධියක් තමයි විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේ ජයක්ග්‍රහනය සම්බන්ධයෙන් පැනනැගී තිබෙන අර්බුද කාරී තත්ත්වය. ඇත්තෙන්ම මෙම සිද්ධිය පිළිබඳ මේවෙනකොට ලංකාවේ නොදන්න කෙනෙකු නැති තරම්. කොහොම නමුත් ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා විවාහක රූ රැජින සංවිධාන කමිටුව තීරණය කර තිබුනේ 2021 විවාහක රූ රජින වන පුෂ්පිකා ද සිල්වාගේ කිරුලු ඉවත් කිරීමටයි

එලෙස ඔවුන් ගන්නා ලද තීරණයත් සමග පුෂ්පිකාට ජාතික හෝ ජාත්‍යන්තරව විවාහක රූ රජින නාමය භාවිතා කළ නොහැකි වන සේ වාරණයක් පනවා තිබෙනවා. කොහොම නමුත් එලෙස පනවන ලද වාරණය ලෝක විවාහක රූ රජින සඳහා ශ්‍රී ලාංකික රූ රැජිණියන් තේරීමේ බලයලත් කමිටුවෙහි අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන චන්දිමාල් ජයසිංහ මහතා පසුගියදා නිකුත් කරන ලද නිවේදනයක් මගින් සිදු කරනු ලැබීය

ඇත්තෙන්ම එලෙස නිකුත් කෙරුණු නිවේදනය ලාංකීය සියලු මාධ්‍ය ඔස්සේ කතාබහට ළක්වු අතර මේ පිළිබඳව රූ රැජිණියන් තේරීමේ කමිටුවේ අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ මහතා සිය මුහුණු පොතෙහි අදහස් දක්වලා තිබුණා. ඒ මෙලෙසයි

” වසර තුනක් පුරාවට ජාතික අධ්‍යක්ෂකවරයෙකුගේ වගකීම් සහ යුතුකම් මා උපන් රට වෙනුවෙන් ඉටු කරමින් මගේ ධනය ශ්‍රමය කාලය කැප කළෙමි.වසර තුනක් පුරාවට පියවරෙන් පියවර ලෝකයේ පළමු තැනට මා මගේ මව්බිම ඔසවාතැබූ වෙමි.

ඔවුන් ඔවුන්ගේ මමත් දේ සහ පෞද්ගලික පටු අරමුණු උදෙසා රට දෙවැනි තැනට තබා ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් පමණක් සටන් වැද විවිධ ආකාරයෙන් ලංකාව ලෝකයේ හමුවේ අපහසුතාවයට ලක් කළේය. මම වසර තුනක් පුරාවට ම විනිශ්චය මණ්ඩලයට ඇගිලි නොගසා විනිශ්චය තීරණයට ගරු කරමින් ජයග්‍රාහිකාවන් කිරුළු ගැන්වූ වෙමි. ඒ මුදලට හෝ පුද්ගලික වාසි වලට නොවන බව ආඩම්බරයෙන් ප්‍රකාශ කරමි .සියලු කාන්තාවන්ට ජාතික අධ්‍යක්ෂවරයෙකුට එහා ගිය සහෝදරත්වයෙන් ආදරයෙන් ඔවුන් හා වැඩ කළ බව ඔවුන් දන්නා කාරණයකි. මෙය මාගේ දුර්වලකමක් යයිද යැයිද මා නොසිතමි.මට ඇත්තේ දැඩි කලකිරීමකි.” යනුවෙනුයි

ඉතින් මේ ආකාරයට සමාජ ජාලා මාධ්‍ය ගිනුමට සංවේදී සටහනක් එකතු කළ ඔහු අවසාන වශයෙන් සටහන් කර තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි

” ලෝක තරගාවලිය 2023 වසරේ ලංකාවේ පැවැත්වීම මාගේ මගේ එකම අරමුණ ඒ සඳහා මා සමග එක්වන ලෙස සියලුම සන්නම් ආයතන වෙත මා දෑත් දිගු කර ආරාධනා කරමි.මේ සෑම දෙයකදීම මට ශක්තියක් වූ රෝසි සේනානායක මැතිනිය ද රුක්මල් රුක්මාල් සේනානායක ඇතුළු මා හට ශක්තියක් වූ සියලුම අනුග්‍රහය දැක් වූ දැක් වූ සන්නම ආයතන හා මාගේ ක්ෂේත්‍රයේ මිතුරන්ද ආදරෙන් සිහිපත් කරමි. මේ දක්වා මා වෙනුවෙන් එක වචනයකින් හෝ පෙනී සිටි සියලුම දෙනා හට ද සමාජ මාධ්‍ය ජාතික මාධ්‍ය ඇතුළු සියලු දෙනාට මාගේ ආදරය ගෞරවය පුද කර සිටිමි .මින් ඉදිරියටත් මාගේ රට වෙනුවෙන් කළ යුතු දේ කරමින් මගේ උතුම් රට ලෝකය හමුවේ ඔසවා තැබීමට කැපවෙමි. මා නිවැරදි විය යුත්තේ මගේ හෘදසාක්ෂියට මා අදහන බුදු දහමට සහ මගේ මවට පමණි.” යනුවෙනුයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්