Sep
26

වරායේ සිර වූ ආහාර තොග නිදහස්

 
682 Views
   
 

වරාය තුළ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර රැගත් කන්ටේනර් වහාම නිදහස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කරන ඇත. පරිප්පු ,සුදුළූණු,සැමන් කිරි වර්ග ,සූදුරු ඇතුළු ද්‍රව්‍ය රැසක් සහිත කන්ටේනර් 800ක් පමණ නිෂ්කාශනය කර ගැනීමට නොහැකිව කොළඹ වරායේ සිර වී ඇති බව අත්‍යාවශ්‍ය ආනයන කරුවන්ගේ සංගමයද ප්‍රකාශ කර ඇත.

මෙම තත්ත්වය තේරුම් ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආනයන අපනයන පාලක ජනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂක ජනරාල් වරයාට නියෝග කර සිටියේ අත්‍යවශ්‍ය ආහාර වහාම මුදා හැරීමට නියෝග කරන ලෙසයි. එසේ නිදහස් කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ ආහාර ආනයනකරුවන් හරහා ජනතාවට බෙදා හැරීමට කටයුතු කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා විසින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට දැනුම්දී ඇත. සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළඳ පොළට නිකුත් කිරීමේ වගකීම වෙළඳ අමාත්‍යාංශය සහ කෘෂිකර්ම නිළධාරීන් විසින් දැරිය යුතු බවද මෙහිදී අවධාරණය කෙරිණි.

වර්තමානයේ වී සහ සහල් පිළිබඳව ඇතිවී ඇති ගැටලුවත් සීනි ,කිරිපිටි සහ සිමෙන්ති හිඟය පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර ඉදිරි සතියේදී අවසාන තීන්දුවක් ගන්නා බවද තීරණය කර ඇත. මෙහිදී වෙළඳ ප්‍රජාවගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත්තේ භාණ්ඩ මිල ඉහළ යෑමක් සිදුවේයැයි සලකා භාණඩ සඟවා තබා පාරිභෝගිකයන් අපහසුතාවයට ලක් නොකරන ලෙසයි.එසේම දැනට පනවා ඇති පාලන මිලට වඩා වැඩි මිළට භාණ්ඩ අලෙවි කිරීමක් කිසිවිටෙකත් සිදු නොකරන ලෙසත්ය. (රෂිකා සඳමාලි හෙන්නාය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්