Jun
23

විශේෂ ඝනයේ සැකකරුවන්ට පොසොන් පොහොයට සිල් සමාදන්වීමට අවසර

 
1274 Views
   
 

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා ඇති “විශේෂ ඝනයේ” සැකකරුවන් 05 දෙනෙක් ට හෙට (24) දින උදාවන පොසොන් පුර පසළොස්වක පෝය දිනයේදී සිල් සමාදන්වීම සඳහා අවසර දී ඇත. ඔවුන් ඒ සඳහා ඉල්ලීමක් කර තිබුණි.

පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව යටතේ ඇති බුස්ස බන්ධනාගාරයේ අධිආරක්ෂිතව රඳවා සිටින සැකකරුවන් එහි අධිකාරිවරයාගෙන් මෙවැනි ඉල්ලීමක් කළ ප්‍රථම අවස්ථාව මෙය වේ. පුනරුත්ථාපන ක්‍රියාවලිය යටතේ දිවයිනේ සෑම බන්ධනාගාරයකම පුර පසළොස්වක පෝය දිනයන්ට සමගාමීව නේවාසිකයින් සිල් සමාදන්විමේ වැඩසටහන්වලට යොමු කරවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්