Jun
21

ඊයේ ආසාදිතයින් හමුවු ප්‍රදේශ

 
1552 Views
   
 

ගතවු දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක 06ක කොවිඩ් -19 ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබේ.

ඊයේ (20) මෙරටින් නව ආසාදිතයින් 2,028 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 20 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

ඊයේ දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව මාස එකහමාරකට ආසන්න කාලයකට පසුව දිනක් තුළ මෙරටින් හඳුනාගත් අඩුම ආසාදිතයින් සංඛ්‍යාව වීම විශේෂත්වයකි.

ගතවු දිනයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 307 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 302 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් 253 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 166 දෙනෙකු, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 130 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 122 දෙනෙකු ලෙස ඊයේ දිනයේ දිස්ත්‍රික්ක 06ක දෛනික ආසාදිතයින් සංඛ්‍යාව සියය ඉක්මවා ගොස් තිබුණි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්