Apr
29

පෙර දැනුම් දීමකින් තොරව ඕනෑම ප්‍රදේශයක් වසා දැමිය හැකි බව යුද හමුදාපති කියයි

 
1726 Views
   
 
කිසියම් ප්‍රදේශයක කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ වැඩි වීමක් ඇත්නම් පෙර දැනුම් දීමකින් තොරව අදාල පොලිස් වසම් හෝ ග්‍රාම නිලධාරී වසම් පෙර දැනුම් දීමකින් තොරව හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයෙක් හෝ නිවසක් සූදානම්ව සිටිය යුතු බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් සමස්ථ රටම වසා දැමීමට මේ දක්වා කිසිදු අදහසක් නොමැති බවද යුද හමුදාපති ජෙනරල් ශවේනද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සීඝ්‍ර ලෙස වැඩිවෙමින් ඇති බැවින් ඊට ගැලපෙන පරිදි රෝහල්වල ධාරීතාව වැඩි කිරීමට අවශ්‍ය ක්‍රියාමර්ග ගෙන ඇති බවද නෙත් නිවුස් කළ කරුණ විමසීමකදී යුද හමුදාපතිවරයා කියා සිටියා.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්