Nov
24

පොල් ගෙඩි තුනක් හොරෙන් කැඩූ තිදෙනෙකුට ලක්ෂ 2 බැගින් ශරීර ඇප

 
821 Views
   
 

ගාල්ල, වැකුණගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක හොරෙන් පොල් කඩමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු පොල් ගෙඩි තුනක් ද සමග අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 2ක් බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේ ය.

මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ, ගාල්ලේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු සහ බාල වයස්කාර ළමයෙකි.

අක්කර එකහමාරක් පමණ විශාල මෙම ඉඩමේ අයිතිකරු ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචිව සිටින අතර නිතර ම සොරුන් විසින් ඉඩමේ පොල් කඩන නිසා අයිතිකරු සීසීටීවී කැමරා පද්ධතියක් ද සවිකර ඇති බව ත් එම සීසීටීවී දර්ශන අනුව, තිදෙනෙකු පැමිණ හොරෙන් පොල් කඩන බවට අයිතිකරු විසින් කරන ලද පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරුවන් තිදෙනා සමග පොල් ගෙඩි තුන අත් අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව කුමාර, සැරයන්වරුන් වන සමරනායක (25312), සම්පත් (58835), ලලිත් (59045) යන මහත්වරුන් විසින් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව උපපොලිස් පරීක්ෂක ලියනගේ මහතා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්