Aug
1

රිය අනතුරක් සිදුකළ උමාරියා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට, රිය අනතුරුවලින් 9 දෙනෙක් මි’යගිහින්

 
11250 Views
   
 

රාජගිරිය ගුවන් පාලම අසල වැලිකඩ මංසන්ධියේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ පස්වරුවේදී මෙම අනතුර සිදුවුනේ උමාරියා සිංහවංශ ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය, ත්‍රීරෝද රථයක ගැටීමෙන්.

ඉන් 38 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරා බරපතල තුවාල ලැබූ අතර ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුලත් කර තිබෙනවා. මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු වලින් ගතවූ පැය 24 තුල ම’රණ 9ක් වාර්තා වී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ පසුගිය සතිය තුල බස්නාහිර, වයඹ සහ දකුණු පළාත් වලින් වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.

ඉන් බොහෝමයක් සවස 4ත් රාත්‍රී 8ත් අතර කාලය තුල සිදුව ඇති බව ඔහු කියා සිටියා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්