Jul
27

මාස 8කට කලින් හමුවුන ලොව විශාලතම මැණික් පොකුර

 
1037 Views
   
 

මෙතෙක් ලොව හමුවූ විශාලතම ස්වභාවික මැණික් පොකුර රත්නපුර, කහවත්ත ප්‍රදේශයෙන් හමුවූ මෙම මැණික් පොකුර මීට මාස 8කට පෙර සොයා ගන්නා ලද එකක් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ පවසනවා. කෙසේ වෙතත් මෙම සිදුවීම මා ධ්‍ය යෙන් ව ස න් කරගෙන සිටීමට හේතුවූයේ මෙම මැණිකෙහි වටිනා කම අ’ධික වීම නිසා බවත් සභාපතිවරයා කියා සිටියා.

 

නිල් ආරු නූල් කොර න්ඩම් ස්පිටික වර්ගයට අයත් මෙම ප්‍රාථමික මැණික් පොකුර හමුවී ඇත්තේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුටයි. සිය නිවස පිටුපස ළිඳක් කැපීමේදී මෙම අසා මාන්‍ය මැණික් පොකුර ඔහුට හමුවී තිබුණා. සෙරන්ඩි පිටි සෆායා ලෙස නම්කර ඇති මෙම ස්වභාවික මැණික් පොකුරේ බර කිලෝග්‍රෑම් 510ක් හෙවත් කැරට් මිලියන 2.5ක්.

මෙතෙක් ලොව හමුවූ විශාලතම තාරකා මැණික් වර්ගයට අයත් ස්වභාවික මැණික් පොකුර මෙයයි. දු’ර්ලභ මෙම මැණික් පොකුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ ජාත්‍යන්තර මැණික් විශේෂඥ ගාමිණී සොයිසා මහතා කියා සිටින්නේ ආසන්න වශයෙන් මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට අ’ධික වටිනාකමකින් යුක්ත බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්