Jul
21

රිෂාඩ්ගේ නිවසේදී මි’යගිය දැරිය ගැන පරීක්ෂණ කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක්

 
1971 Views
   
 

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ තබාගෙන සේවය ලබාගත් දැරියගේ ම’රණය සම්බන්ධයෙන් තවදුරටත් පොලිසිය විසින් පරික්ෂණ ක්‍රියාත්මක කරනු ලබනවා.

මේ සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

ඊයේ දිනයේදී මෙම කණ්ඩායම් දෙක මෙම දැරිය මුලිනම පදිංචිව සිටිමින් පාසල් ගිය අවිස්සාවෙල්ල පුවක්පිටිය කිරිවන්දල ප්‍රදේශයට පැමිණ ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇති බව වාර්තා වනවා.

එමෙන්ම අද දිනයේ දී නැවත එම දැරියගේ මවගෙන් තවත් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්