Apr
21

රාජපක්ෂ පවුල සොරකම් කළ ධනය ඩොලර් ට්‍රිලියන 100ක් ?

 
511 Views
   
 

රාජපක්ෂ පවුල සොරකම් කළ ධනය ඩොලර් ට්රිලියන 1000ක් බව ගෝල්ෆේස් අරගලකරුවන් සොයා ගැනීම පිළිබඳ කිසිඳු සැකයක් නැත…..

රාජපක්ෂලාගේ ධනවත් කම ගැන ඔබ නොදත් කරුණු බොහොමයක් ඇත. ඔවුන් මුලු ලෝයම මුදලට ගෙන ඇත. අරගෙන කරුවන් කෙතරම් දක්ෂද …

මේ තරම් වටිනා රහස් ලොව කිසිම රහස් පොළිසියකට සොයාගැනීමට හැකිවූ නැත. එහෙත් මේ අරගල කරුවන් විශ්මිතය. ඔබ නොදත් බොහෝ දේ පහතින් ඇත. කියවා තේරුම් ගන්නට උත්සාහ ගන්න. ලොව විශාලතම ආර්ථිකය වන ඇමරිකා එක්සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදිතය 23 Trillion USD පමණ වේ.

රාජපක්ෂවරු ඇමරිකාවේ ආර්ථිකය මෙන් 43 ගුණයක් ධනවත්ය. දෙවන විශාලම ආර්ථිකය හිමි චීනයේ ද.දේ.නිෂ්පාදිතය 17.7 Trillion USD වේ. රාජපක්ෂලාගේ වත්කම චීනයේ ආර්ථිකය මෙන් 55 ගුණයක් විශාල වේ. දෙස් විදෙස් ඇස් මවිත කරවන කරුණ එන්නේ අන්තිමටය.

2021 වසරේ මුළු ලෝකයේම ආර්ථිකය 94 Trillion USD බව ගණනය කර තිබේ. රාජපක්ෂලා මුළු ලෝකයේම ආර්ථිකය මෙන් 10 ගුණයක් පමණ මුදලක් සොරකම් කොට ඇත. ගෝඨාගෝගම අරගල කරුවන්ගේ විප්ලවීය ජයග්රහණයෙන් පසු මේ ධනය නැවත මෙරටට ලබාගැනීමට නියමිතය.

මුදල් ලැබීමෙන් පසු මුළු ලෝකයම මිලදී ගෙන ඉතිරි මුදලින් අඟහරු සහ යුරේනස් මත ජනාවාස පිහිටුවීම පිළිබඳ සලකා බැලිය හැකිය. 2022 වර්ෂය ඓතිහාසික වසරක් කිරීමට වෙහෙසුණු අරගල කරුවන්ට ජය වේවා…. පහතින් ඇති බැනරය තව දිග වූවා නම් තවත් බිංදු එකතු වනවා ඇත.

ඒ අනුව තවත් ග්රහලෝක කිහිපයක් මිලට ගන්නට හැකිවන අවස්ථාව ඔවුන් විසින්ම අහිමි කරගෙන ඇත. මේ තමයි. New Generation පට්ට මොළේ. මෙය කියවා ජනතාවට මොළේ පෑදේවා…..

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්