Apr
18

ලොවම ජය ගත් රංගන ශිල්පී හිරාන් අබේසේකර ජන අරගලයට යන්න එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙයි

 
1462 Views
   
World-winning-actor-Hiran-Abeysekera-arrives-in-Sri-Lanka-from-England-to-join-People's-Struggle  

පසුගිය දා ලෝකයේ විශිෂ්ටතම සම්මාන උළෙලක් වන ඔලිවියර් සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙසින් ඔළිවියර් සම්මානය දිනාගත් වේදිකා නාට්‍ය නළු හිරාන් අබේසේකර ලංකාවට පැමිණ තිබේ. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් අද (18)දා ලංකාවට පැමිණි හිරාන් පිළි ගැනීමට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් රැසක් පැමිණ සිටියහ. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිරාන් අබේසේකර පැවසුවේ තමා ලංකාවට පැමිණියේ ගෝල්ෆේස් පිටියෙහි පැවැත්වෙන අරගලයට සම්බන්ධ වීම සඳහා බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“ගෝල්ෆේස් අරගලයට යන්න තමයි මම ආවේ. මට මේක ගැන (සම්මානය) සතුටක් දැනෙනවා. හැබැයි ඒක වළාකුළු ගොඩකින් වැහිලා තියෙන්නේ. මගේ හිත මට බොක්කෙන්ම කතා කළා මෙහෙට ආයේ එන්න කියලා. ඉතින් මම ආවා. මායි ලැරීයි (සම්මානය) දෙන්නම ආවා.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්