Mar
10

සෙනාලි කියන ආදර්ශවත් කතාව මෙන්න

 
898 Views
   
Here-is-the-exemplary-story-of-Senali  

කවුරුත් ආදරේ කරන දක්ෂ රංගන ශිල්පිනියකි ඇය. ඒ වෙන කවුරුවත් නෙවෙයි නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනී සෙනාලි ෆොන්සේකා. ඊයේ දිනයට යෙදී තිබුණු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඇය අද මුහුණු පොතට සටහනක් එකතු කරලා තිබුණා.

කාටත් ආදර්ශයක් ලබාදෙමින් ඇය තැබූ සටහන පහතින්.

ඊයේ ජාත්‍යන්තර කාන්තා දිනය, සමාවෙන්න ඊයේ ඒ වෙනුවෙන් මගේ ආදරණීය අක්කලාට, නංගිලාට, නැන්දලාට, අම්මලාට සුබ පතන්න බැරි උනාට.

ඒත් ඇත්තටම අපි කාන්තා දිනය සමරන්නවද?

හිතන්න ගැහැනියක් හුගාක් කෙට්ටුයී නම් අපෝ අර කටුස්සිද, අර ඇටසැකිල්ලක් වගේ ඉන්නේ? ඊට පස්සේ කෙනෙක් ටිකක් මහත නම් අප්පාහ් අර බැරල් එකද අර තඩි කෙල්ල… තව හිතන්නකෝ නිකන් හමේ පාට කලු, තලේලු නම් පොඩ්ඩක් අදුරු නම් අපෝ අර කලු කෙල්ල නේද, එතකොට සුදට හිටියොත්? හැටි බලන්නකො තම්බපු ඉස්සෙක් වගේ ඔවා සුදු නෙමෙයී සුදු මැලි… මුලු ඇගම වැහෙන්න ඇන්දොත් අපෝ බොරු උපාසක කම, එතකොට පොඩ්ඩක් ඇග පේන්න ඇන්දොත් අහගන්න වෙන දේවල් එමටයී… ආහ් ඇයි හොදම එක කාන්තාවක් තනියෙම හම්බකරගෙන ජීවත් වුනෝත් ඇයගේ ආදයම් මාර්ග වලට අර්ථකතන එමටයි… ජොබ් එකක් නොකර ගෙදර දොර ළමයී බලාගෙන ඉන්නවන්ම් මිනිහාගෙන් කාකා බිබී ඔහේ ඉන්නවා කියයී… ඉතිං මේ වගේ ගැහැනියක් කොහොම කොයී විදිහට හිටියත් කතාවක් හදන මොනවමහරි කියන්න බලන් ඉන්න ලෝකේක (ගැහැනු පිරිමි දෙගොල්ලොම) එක්ක තමයී අපි ලෝක කාන්තා දිනය සමරන්නේ…

හැබැයී ඔය අතරට විවෘත මනසකින් හිතන, කාන්තාවට ශක්තියක් වෙන, ආදරේ, ආරක්ෂාව දෙන, කාන්තාවගේ අයිතින්, නිදහස දෙන තමංගේ සහෝදරයෝ, දෙමව්පියන්, යහලුවන්, ආදරණීය ස්වාමිපුරුෂයින්, පුතුන්ද මේ සමාජේ නැතුවාම නෙමෙයී… එ අය තමයි ඇත්ත පිරිමි, ස්තූතී අපිට ශක්තියක් වෙනවට… ඔයාලගේ ජීවිතේ ඉන්න ආදරණීය කාන්තාවන්ට ආදරේ දෙනවාට…

එහෙනන්, එක දවසකට සීමා නොවෙන දිනයක අපි කාන්තා දිනය අනිවාරේන්ම සමරමූ!

– සෙනාලි ෆොන්සේකා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්