Feb
15

රජය නීති විරෝධීව ලංකාවට වාහන ආනයනය සිදු කරනවාවත්ද ?

 
459 Views
   
 

පිළිතුර නැත, කිසිසේත්ම නැත.

රජය විසින් වාහන ආනයනයට දැඩි සීමාවන් පැනවීමෙන් පසුව රජයට හෝ රජයට සම්බන්ධ කිසිවෙකුට නිත්යානුකූල අවසරයකින් තොරව කිසිඳු ආනයනයක් සිදුකල නොහැක. යමෙක් එසේ ආනයනයක් කලහොත් එය රේගු ආඥා පනතට අනුව රාජසන්තක වේ.

කිසිවෙකු වෙනුවෙන් ණයවර ලිපි විවෘත කිරීමට නිසි අවසරයකින් තොරව කිසිදු බැංකුවකටද නොහැකිය. අධිවේගී මාර්ගයේ ගෙනගිය ක්රයිස්ලර් එස්කලාඩේ වර්ගයේ මිල අධික ඇමරිකන් නිෂ්පාදනයන් උලුප්පා පෙන්වමින් රජය කටයුතු කරන්නේ එක නීතියක් යටතේ නොවන බව පෙන්වීමට යමෙක් උත්සාහ කරන අයුරැ සමාජ මාධ්යයෙන් දුටිමු. එහි සත්ය දැනගැනීම මහජන අයිතියකි. මේ පිළිබඳව රේගුවෙන් විමසා බැලූවිට පැහැදිලි වූයේ එවැනි ආනයනයක් මෑතකදී සිදුවී නොමැති බවත්, විමසීම් කිරීමෙිදී අදාල ටේලරය පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා වහාම විස්තර ලබාගෙන සොයා බැලීමේදී දැනගන්නට ලැබී ඇත්තේ එය කිසිදු ආකාරයේ නීතී විරෝධී කටයුත්තක් නොව රටට විදෙස් විනිමය ගෙනෙන ප්රති අපනයනයක් පමණක්ම බවය.

පසුගිය 11 වනදා මෙයට අදාල අපනයන රේගු සටහන්කරය, අදාල BOI සමාගම (mahendra ideal lanka) මගින් රේගුවෙි ලියාපදිංචි කර, එම වාහන මෙම 16 වනදා පැමිනෙන ‘Mac Mariya Saveria’ නැවෙන් එංගලන්තයට ප්රති අපනයනය කිරීමට මෙලෙස ගෙනවිත් ඇත.

වමි පසින් පදවන කැඩිලැක් ක්රයිස්ලර් සහ ජී. එමි. සී වැනි ඇමෙරිකානු නිෂ්පාදන ලංකාවට ගෙන්වා ඒවා දකුණු පසින් පදවන වාහන බවට පත්කර වැඩි වටිනාකමක් එකතුකර නැවත ඔස්ට්රෙිලියාව, එංගලන්තය වැනි රටවලට ප්රති අපනයනය කරන අප රටෙහි පිහිටි මහිනද්රා අයිඩියල් ලංකා කර්මාන්ත ශාලාවෙිදී සැකසුන බවත්ය

. මෙවන් කර්මාන්ත අප රටෙහි පිහිටීමෙන් මහඟු වටිනාකමක් අප රටට ලැබේ. මෙම ප්රති අපනයනය කරන්නේ එලෙස BOI යටතේ ලියාපදිංචි කර රටට විදෙස් විනිමය උපයන තවත් එක් දේශීය ආයතනයකින් වේ..!

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්