Dec
18

ගෑස් ප්‍රශ්නය ගැන කතා කරන්න අගමැති 21 වෙනිදා සාකච්ඡාවක් කැඳවයි

 
1180 Views
   
 

ගෘහස්ථ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් හා ගෑස්වල ප්රමිතිය පිළිබඳව මතු වී ඇති ගැටලු සම්බන්ධයෙන් ඊට අදාළ සියලු පාර්ශව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන අඟහරුවාදා (21) විශේෂ සාකච්ඡාවක් සඳහා කැඳවා තිබේ. 

ඒ අනුව, ලිට්රෝ හා ලාෆ්ස් ගෑස් ආයතනවල ප්රධානීන්, ගෑස් පිපිරීම් පිළිබඳව සොයා බැලීමට පත්කළ විද්වත් කමිටුව, පාරිභෝගික සේවා අධිකාරිය, ප්රමිති කාර්යාංශය, ඛනිජ තෙල් සංස්ථාව හා පොලිසියේ ප්රධානීන් මෙම සාකච්ඡාව සඳහා කැඳවා ඇත. 

එදින පෙරවරු 10.30ට ඇරඹෙන මෙම සාකච්ඡාවේදී ගෘහස්ථ ගෑස් පිපිරීම්වලට බලපා ඇති හේතු පිළිබඳව හා ඊට වගකිවයුතු පාර්ශ්ව පිළිබඳව ගත යුතු පියවර පිළිබඳව ද ජනාධිපතිවරයා පත්කළ විද්වත් කමිටුවේ නිර්දේශ ද නිගමනයකට පැමිණීම පාදක කරගෙන, අරමුණු කරගෙන මෙම සාකච්ඡාව කැඳවා ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්