Dec
4

ශ්‍රී මහා බෝධි උඩමළුවේ දී කොස්තාපල්වරීයකට කල නොහොබිනා දේ

 
55 Views
   
 

අනුරාධපුර ශ්‍රී මහා බෝධි උඩමළුවේ රාජකාරි කරමින් සිටි අවිවාහක පොලිස් කොස්තාපල්වරී යකට ලිංගික අතවරයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු අත්ත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර උඩමළුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි උප පොලිස් පරික්ෂකවරයෙක්.

තමන් ජය ශ්‍රී මහා බෝධියේ උඩමළුවේ රාජකාරි කරමින් සිටින අත රවාරයේදී එහි පැමිණි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා තමන්ට ලිංගික අතවරයක් සිදු කළ බවට 29 හැවිරිදි පොලිස් කොස්තා පත්වරිය පළමුව උඩමළුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට පැමිණිලි කර ඇත.

අනතුරුව උඩ මළුව පොළිස් ස්ථානාධිපතිවරයා විසින් මේ බව අනුරාධපුර සහකාර පොලිස් අධිකොරිට දැනුම් දී ඇති අතර අනතුරුව, සහකොර පොලිස් අධිකාරීවරයා විසින් ඒ බව, අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

 

මෙන්න බලන්න තවත් ගොසිප්