Dec
4

අපේ කාලයේ දොස්තර හොඳහිත!

 
48 Views
   
 

මිනිස් අපට ලඟින්ම සත්ව​ලෝකයේ සත්තු අතරින් වැඩියෙන්ම හිතවත් බල්ලෝ පූසෝ! ඉතින් මේ වගේ ගෙදර සුරතලයට හදන අපේ හුරතල්ලු කොච්චරනම් පවුලට සමීපයිද කියලා දන්නේ ඒ අය. සමහර ගෙවල් වල මේ සුරතලුන් දරුවෝ වගේ බලාගන්නේ.
ඉතින් පසුගිය දවසක මෙන්න මේ පෝස්ටුව අපේ ඇසේ ගැටුනා!
මිනිස්සු වෙන කෙනෙක් ගේ දෙයක් වෙනුවෙන් ඇප කැපවීමක් තියෙන්නේ ගොඩක් කලාතුරකින්. ඒ අතින් බලද්දි ඩොක්ටර් Tharindu Chinthana Wijekoon දෙවිකෙනෙක්. මගේ බලු පැටියා මරනෙන් බේරලා සදාකාලික ඔත්පල වෙන එකෙන් බේරලා දුන්නට.

මගේ ගෙවල් හරියේ පාර කෙලින් තියෙන්නේ. වාහන නොසෑහෙන වේගෙනුත් යනව. ඉතින් මගේ බව්ව සෙල්ලම් කර කර ඉදල එකපාරටම පාරට යනකොටම වාහනේක හැපුනා. වෙලාව උදේ 5 ට වගේ ඇති. කරන්න දෙයක් නැති හින්දා මෙයාව පෙන්නන ඩොක්ටර් තරිදුට කෝල කලා. එවෙලෙන ආන්සර් කරල එවෙලෙම VET CARE Animal Hospital එකට අරන් එන්න කීවා.

අම්මෝ දෙවියො බැලුව වගේ. ආපු ගමන් තුවාල මහල කොන්ද කැඩුන එකට බේත් විදලා දවසම තියාගෙන බලල තමයි ගෙදර යැව්වේ.

ඒ අගෝස්තු මාසේ. මේ වෙනකන්ම physiotheraphyත් කරල දුන්නා. අනේ ඔත්පල වෙන්න හිටපු සතා දැන් ඇවිදිනවා.

ඩොක්ටර් ට ගොඩාක් ස්තූතියී මේ උදව්වට.

පාන්දර 1,2 වෙනකන් නුවර පෙරහැරේ ඩියුටි කරල ආපහු උදෙම වැඩට එනව කියන්නේ ඔයා නම් දෙවි කෙනෙක්ම තමයි.

# උපුටාගැනීම අවසන්
ඉතින් මෙන්න මේ නිසාම මේ තරිදු ඩොක්ටර් කවුද කියලා අපිත් හොයලා බැලුවාම තමයි දැනගත්තේ කුරුණැගල පශු වෛද්‍ය කෙනෙක් වෙන මේ ඩොක්ටර්ම තමයි අපි ඉතාමත් ගෞරවටයන් පුද පූජා කරන නුවර මාලිගා​වේ කරඩුව වඩම්මන ප්‍රධාන ඇතා ඇතුලු ඇත් පන්තියේ සෞඛ්‍ය පිලිබඳ​ව භාරව ඉන්නේ කියන එක.
මේ තමයි ​ඒ පශු වෛද්‍ය තරිඳු චින්තන විජේකෝන්.
(Image ) —
ඒ විතරක් නෙමෙයි ඔහු කුරුණෑගල සුප්‍රසිද්ධ සත්ව රෝහලක් වුනු VET CARE Animal Hospital එකේ ආරම්භකයාද වෙනවා.
මේ තරුණ වෛද්‍යවරයාගේ අතට යන මරණාසන්න සතුන් දහස් ගානක් ගෙ ජීවිත බේරල තියෙනව කියලයි එයා වටේ ඉන්න සහ එයාගෙන් උපකාර ලබපු අයනම් කියන්නෙ.
ඉතින් මේ ඉන්නේ අපේ කාලයේ තවත් දුර්ලබ විදිහට හොයාගන්න පුලුවන් හිත හොද දොස්තර කෙනෙක් කියලා කීවොත් අපි නිවැරදී. එහෙනම් අපි ඉදිරියේදී අපේ බලු දොස්තරගෙ අතින් ජීවිත බේරුනු අය ගැන වැඩි දුර කතාකරමු.

මෙන්න බලන්න තවත් ගොසිප්