Nov
6

27 හැවිරිදි තරුණයෙක් පුරුෂ ලිංගය කපා මේසයක් උඩ තබා තරුණයෙකු සිය දිවි නසාගනී

 
14 Views
   
 

තම පුරුෂ ලිංගය කපා මේසයක් උඩ තබා තරුණයෙකු ගෙල වැළලාගෙන මිය ගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි වෙල්ගමගේ දොන් දිනේෂ් මදුශංක නමැති හබරණ දුම්රියපොළ අසළ ත්‍රිකුණාමලය පාර යන ලිපිනයේ පදිංචිකරුවෙක්.

පෙරේදා (01) රාත්‍රී කාලයේ දී මෙම සියදිවි නසා ගැනීම සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. සියදිවි නසා ගැනීමට පෙරදින රෝගී තත්ත්වයක් හේතුවෙන් සායනයකට ගොස් ඇති එම පුද්ගලයා ඇතැම් අවස්ථාවල සිහිමද තත්ත්වයෙන් ද පසු වන බව සඳහන්.

එවැනි රෝගී තත්ත්වයන් හේතුවෙන් මෙම පුද්ගලයා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් බවට මරණකරුගේ දෙමව්පියන් විසින් පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

දෙමව්පියන් සමග පදිංචි නිවසට යාබදව ඇති ඔවුන්ගේම කඩ කාමරයක් තුළ මෙම තරුණයා මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

වාර්තාකරු – මිහින්තලේ කිත්සිරි වනසිංහ

මෙන්න බලන්න තවත් ගොසිප්